Archive

Archive for the ‘ප්‍රවෘත්ති’ Category

ඩයලොග් සියළු සබදතා පැය කිහිපයකට බිද වැටේ.. ප‍්‍රබල සයිබර් ප‍්‍රහාරයක්..?

September 20th, 2017 Comments off
ලක්‍ෂ 110කට ආසන්න පාරිභෝගික ප‍්‍රමාණයක් සහිත මෙරට ප‍්‍රධානතම දුරකතන සේවා සැපයුම් සමාගම වන ඩයලොග් සමාගෙම් සන්නිවේදන සබදතා අද පස්වරුවේ පැය කිහිපයක් පුරා බිද වැටී තිබින.

ඩයලොග් ආයතනයේ නිල ෆේස්බුක් හා ට්විටර් ගිණුම්වල දැක්වූයේ අත්‍යවශ්‍ය යාවත්කාල කිරීමක් නිසා මෙම තත්වය මතු වූ බවයි. කෙසේ වෙතත් සමාජ ජාල හා ඇතැම් අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරන්නේ ඩයලොග් හි දත්ත ගබඩාව ඔවුන්ගේ පාලනයෙන් බැහැර වීම හේතුවෙන් දුරකතන ජාලය ටික වේලාවක් අක‍්‍රිය කර තැබූ බවයි.
Categories: ප්‍රවෘත්ති Tags:

පළාත් පාලන පනත දෙවැනි වර කියවීම තුනෙන් දෙකක වැඩි ඡන්ද ගනී

September 20th, 2017 Comments off

Sri-Lanka-Right-to-Information-Bill-Parliament-Maithripala-Sirisena-01072016-web

පළාත් පාලන සංශෝධිත පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම තුනෙන් දෙකක වැඩි ඡන්දෙයන් පාර්ලිමේන්තුවේදී සම්මත වුනා.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 44ක් පමණක් වන අතර එක් මන්ත්‍රීවරයකු ඡන්ය දීමෙන් වැළකී සිට තිබේ.

Categories: ප්‍රවෘත්ති Tags:

රට ව්‍යාකූලත්වයට පත්නොකොට සයිටම් වහා අහෝසි කරනු!

September 20th, 2017 Comments off

LAL_KANTHA_D

රට ව්‍යාකූලත්වයට පත්නොකොට සයිටම් වහා අහෝසි කරනු !සැප්.21 සෞඛ්‍ය හා අධ්‍යාපන සේවක වැඩ වර්ජනයට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහය පලකරන බව එම අංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

නීතිවිරෝධී ලෙස ස්ථාපිත කර තිබෙන සයිටම් ආයතනය වහා අහෝසි කරන ලෙස එහි ආරම්භයේ පටන් ම ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය හා සම්බන්ධ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති ආණ්ඩුවට අවධාරණය කරන ලදී. නමුත් පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ද ව්‍යාපාරිකයන්ගේ තම පෞද්ගලික ලාභ අපේක්ෂාවන් ඉටුකරගත් පාලකයෝ සයිටම් ආයතනය අහෝසි කරනවා වෙනුවට නිදහස් අධ්‍යාපන අයිතිය අහෝසි කරමින් රෝගී ජීවිත අනතුරේ හෙළමින් පවත්වා ගෙන යන සයිටම් ආයතනයට සුජාතභාවය ලබාදීම සඳහා කටයුතු කරන ලදී. එයින් නොනැවතුනු ඔවුන් රාජ්‍ය බැංකු හරහා අතිවිශාල මුදල් ප‍්‍රමාණයක් සයිටම් ආයතනය පවත්වාගෙන යාම සඳහා ණය ලෙස මුදාහරින ලදී. එසේම තමන්ගේ ඥාති හිතමිත‍්‍රාදීන්ගේ දූදරුවන් සයිටම් ආයතනයට ඇතුළත් කිරිම සඳහා තම දේශපාලන බලය, වරප‍්‍රසාදයක් කරගන්නා ලදී. නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කරන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ අප සයිටම් ආයතනය හරහා සිදුවන නිදහස් අධ්‍යාපන අයිතිය අහෝසිවීමේ ක‍්‍රියාදාමයට දැඩිලෙස විරුද්ධ වූයෙමු. එකී විරෝධතාවන්ගේ අවසානය සනිටුහන් වූයේ සයිටම් ආයතනයට සුජාතභාවය ලබාදෙමින් එහි වරප‍්‍රසාද භුක්ති විඳිමින් කටයුතු කළ පාලකයන්හට ඔවුන්ගේ පුටු අහිමි කිරීමෙනි.

වර්තමාන රනිල් මෛතී‍්‍ර පාලනය සේම සයිටම් ආයතනයේ වරදාන හා වරප‍්‍රසාදවලට ලොල්ව එකී ආයතනය පවත්වා ගෙන යාම සඳහා එයට සරිලන ආකාරයට තම ප‍්‍රතිපත්තිය සකස් කරන ලදී. ඒ අනුව සයිටම් ආයතනය වසාදමන ලෙසත් නිදහස් අධ්‍යාපන අයිතිය විනාශ නොකරන ලෙසත් බලකරමින් ගොඩනැගෙමින් ආ විරෝධයන් ක‍්‍රම ක‍්‍රමයෙන් තීව්ර වන්නට විය. එකී ක‍්‍රියාමාර්ග අතර වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් පන්ති වර්ජනයක නිරතවෙමින් වෛද්‍යවරු වැඩ වර්ජනවල නිරතවෙමින් වෛද්‍යපීඨ ආචාර්යවරු සම්මන්ත‍්‍රණ පවත්වමින් ආණ්ඩුවට බලකරමින් කියාසිටියේ සයිටම් ආයතනය වහා අහෝසි කරන ලෙසය. එසේම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ඒකමතිකව තීරණය කරනු ලැබුවේ සයිටම් ආයතනය වෛද්‍ය උපාධි පිරිනැමීම සඳහා සුදුසුකම් සම්පූර්ණ කර නොමැති, තත්වයෙන් ඉතා පහළ මට්ටමක පවතින ආයතනයක් බවත් ඒ අනුව එය වසා දැමියයුතු බවත්ය. ඊට අමතරව පසුගිය කාලය පුරාවට සරසවි සිසුන් මෙන්ම වැඩකරන ජනතාව හා දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන ද රාශියක් විවිධ ක‍්‍රියාමාර්ග ගනිමින් ආණ්ඩුවට බලකර කියා සිටියේ සයිටම් ආයතනය වහා අහෝසි කරන ලෙසයි.

නමුත් ආණ්ඩුව එකී විරෝධයන් නොසලකා කටයුතු කරන අතර ඒ නිසාම රට තුළ දැඩි ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබේ. එහි එක් අවස්ථාවක් ලෙස සැප්තැම්බර් 21 සෞඛ්‍ය සේවකයෝ සහ අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයට සම්බන්ධ විශ්ව විද්‍යාල ආචාර්යවරු මෙන්ම සිසුන් ද අනෙකුත් කාර්ය මණ්ඩල ද පාසල් විදහල්පතිවරු මෙන්ම ගුරුවරුන් ද අනෙකුත් සේවකයන් ද වැඩ වර්ජනයකට යොමුවී ඇත.

සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත මෙම වැඩ වර්ජනය සාධාරණ හා යුක්ති සහගත වැඩ වර්ජනයක් බව අවධාරණය කරන අප නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරිම සඳහාත් නිදහස් සෞඛ්‍ය සේවාව රැකගැනීම සඳහාත් එයට සහාය පළකරන ලෙස සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට, කේ. ඞී. ලාල්කාන්ත සභාපති

Categories: ප්‍රවෘත්ති Tags:

LTTE සෙවණැලි පෙන්වා රාජ්‍ය නොවන සංවිධාන මුදල් උපයන වැඩපිළිවෙළක

September 20th, 2017 Comments off

Shantha_banadara

LTTE හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන ලෙස සංවිධාන ගත වී LTTE සෙවණැලි රටේ ඇති කිරීම මඟින් නැවත ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයක් තිබෙන බවට ජාත්‍යන්තරයට, මානව හිමිකම් කොමිසමට පණිවිඩයක් ගෙන යන්නට උත්සහ දරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහත පවසයි.

ඊයේ (19) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා සදහන් කළේ ත්‍රස්තවාදී ප්‍රශ්නය නැවත ඇති කිරීම තුළින් මුදල් උපයන වැඩපිළිවෙළක් ගෙන යන බැවින් ජනතාව කිසිවකට හසු විය යුතු නැති බවයි.

මේ රටේ යුද අපරාධ ඇති වු බව කියමින් තමන්ගේ ව්‍යාපාරික තත්ත්වය වර්ධනය කර ගැනීමයි මේ සියලු දෙනාගේ අරමුණ. මෙය මාෆියාවක් ලෙස ක්‍රියාත්මක වෙනවා. මේ කූඨ උපක්‍රමවලට ජනතාව හසු විය යුතු නැහැ. මෙය වසර ගණනාවක සිට කරන දේවල්. රාජ්‍ය නායකයා තුල පැහැදිලි ස්ථාවරයක් තිබෙන නිසා මේ දේවල් පසුපස යාම පලක් නැහැ. මෙවැනි සංවේදී කාරණා මතු කරමින් මේ තුවාලය නැවත නැවත පාරන්න එපා කියලා අපි මේ කුමන්ත්‍රණවලට සම්බන්ධ අයගෙන් ඉල්ලා සිටිනවා.

මානව හිමිකම් පිළිබඳව ජාත්‍යන්තරය තුළ මෙන්ම අපේ රට තුළද මේ දිනවල කතා වෙනවා. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කරන්න යන විට අපට අපේ රටේ නායකයින්ගේ, සියලු ජන කොටස්වලට අයිති ජනතාවගේ ජීවිත, රණවිරු ජීවිත අපට අහිමි වුණා. රට ආර්ථික වශයෙන් පස්සට ගියා. නමුත් එම ගමනේදී රාජ්‍ය නිලධාරීන්ගේ, දේශපාලන නායකත්වයේ මෙන්ම රණවිරුවන්ගේ කැප කිරීම අපි නිරන්තරයෙන් අගය කරනවා. ඒ අයට අපි ගෞරවය ලබා දිය යුතුයි යන ස්ථාවරයේ අපි ඉන්නවා. හිටපු ජනාධිපතිවරයා හා පවුලේ අය වගේම වර්තමාන ජනාධිපතිවරයා ද මේ ගමනේ පුරෝගාමී කාර්යයක් ඉටු කළ නායකයෙක් ලෙස ජීවිත තර්ජනයකට ලක්ව සිටියා. අවස්ථා පහකදී ජනාධිපතිවරයාගේ ජීවිතය බිලි ගන්නට උත්සාහයක් තිබුණා. එදා ජෙයරාජ් ඇමැතිවරයා වගේ විශාල පිරිසක් අපට අහිමි වුණා. මේ නිසා වත්මන් ජනාධිපතිවරයා රට ඉදිරියේ මෙන්ම අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේදීද රටේ ආරක්ෂාව හා රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය නායකයා හා සේනාධිනායක ලෙස කටයුතු කරන බව. රටකට වැදගත් වන්නේ රටේ නායකයාගේ ප්‍රකාශ හා ප්‍රතිපත්තියි. ඒ නිසා එතුමා කිසිදිනෙක රණවිරුවෙක් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යාමට ඉඩ දෙන්නේ නැති බව පුන පුනා ප්‍රකාශ කරද්දිත් අද ඇතැම් අය කවුරු හරි කියන ප්‍රකාශයක් මුලික කරගෙන රණවිරුවන්ට හානි කරන්න යනවා කියලා මතයක් ගෙන යනවා. ජනාධිපතිතුමා පැහැදිලි තීන්දු තීරණ ගත්තා වගේම එතුමා ආරක්ෂක ඇමැතිවරයා ලෙස රණවිරුවන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළා. මේ අයගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කර ඒවා විසදන්න කටයුතු කළා. රණවිරුවන්ගේ සුබසාධන කටයුතු, විශ්‍රාම ගැටලු ගැන විසඳුම් මේ වන විට ලබා දීලා තිබෙනවා.

Categories: ප්‍රවෘත්ති Tags:

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කිසිඳු රණවිරුවකු අත්අඩංගුවට ගෙන

September 19th, 2017 Comments off

Sagala_rathnayaka

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට අලුත් පනතක් ගෙන ඒමට කටයුතු කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පවසනවා.

අද (19) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගතවූ මාස හයක කාලය තුළ කිසිඳු සැකකරුවකු අත්අඩංගුවට ‍ගෙන හෝ අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි.

එමෙන්ම මෙම පනත යටතේ කිසිඳු රණවිරුවකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ.

Categories: ප්‍රවෘත්ති Tags:

මැතිවරණ කොමසාරිස් අන්තිමට කියයි පිච්එක දුන්නොත් මැච්එක ගහනවා කියලා

September 19th, 2017 Comments off

GAMANPILA

ආණ්ඩුව පලාත්සභා මැතිවරණය එකම දිනක පවත්වන්න ගියේ එසේ පැවැත්වීමේ වාසි සලකා නොව ඡන්දයට මූන දීමේ බය නිසා බැවින් බව නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඕස්ට්‍රෙලියානු ජා‍තික බ්‍රයන් ෂැඩික් විසින් පවරා තිබු නඩුවට පෙනී සිටිමෙන් අනතුරුව  මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කළේ නීත්‍යානුකූල නොවන අයුරින් පත්වු නීතිපතිවරයෙක්ගෙන් අපිට මීඩ වඩා දෙයක් බලාපොරොත්තු වි නොහැකි බවයි.

විශේෂයෙන්ම අද තියෙන දේශපාලන තත්වය ගැන අවධානය යොමු කලොත් අපි දන්නවා විසිවෙනි සංශෝධණය ඉදිරිපත්කරපු දින මම ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මම කිව්වා අගමැතිතුමා නඩුව අහන්නත් කලින් පළාත්සභා මැතිවරණය වසරකින් කල් යනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කලා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය නිසි පිළිතුරක් ලබා දෙයි කියලා. අපිට දැනට ලැබිලා තියෙන නිල නොලත් තොරතුරු අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසිවෙනි සංශෝධණය ජනමත විචාරණයකට යොමුකරලා තියෙනවා.

ආණ්ඩුව මේ පලාත්සභා මැතිවරණය එකම දිනක පවත්වන්න ගියේ එසේ පැවැත්වීමේ වාසි සලකා නොවේ. ඡන්දයට මූන දීමේ බය නිසයි. ඒ නිසා මොවුන් අද උත්සහයක යෙදිලා ඉන්නවා ලබන බදාදා විසිවෙනි සංශෝධනය වෙනුවට පලාත් සභා මැතිවරණ සංශෝධණ පනත ගේන්න. ඒ පනතේ බලාපොරොත්තුව කාන්තාවන්ට පළාත්සභාවල අවම නියෝජනය 30% ට සහතික කිරීම.  නමුත් මේ පනත ඇතුලේ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ සංශෝධණයක් ගෙනවිත් පලාත්සභා මැතිවරණය කල් දැමීමේ උත්සහයක් තිබෙනවා.  මොකද කොට්ඨාශ ක්‍රමය මත පදනම් වු මැතිවරණ ක්‍රමයක් හැදුවට පස්සේ කොට්ඨාශ කඩා සීමා නිර්ණය කරන තුරු මැතිවරණ කොමිසමට මැතිවරණ තියන්න බැරිවෙනවා. එවිට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට නැවත වතාවක් කියන්න පුළුවන් පිච්එක දුන්නොත් මැච්එක ගහනවා කියලා.

නමුත් මෙය නීති විරෝධියි.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන වගන්තිය යටතේ යමක් පාර්ළිමේන්තුවේ විවාද කිරීමට අවම වශයෙන් දෙසතියකට කලින් එය ගැසට් මගින් ප්‍රසිද්ධියට පත්කළ යුතුයි.  එහෙමනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මේ සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූලද යන්න පිලිබද කතානායක වරයාට බාරදිය යුතු සහතිකය බාරදීමට ඔහුට නෛතික අයිතියක් නැහැ. නමුත් අපි දැක්කා පළාත්පාලන මැතිවරණ සංශෝධණ පනතට එවැනි සංශෝධන ගෙන ආපු වෙලාවෙ අපේ විරෝධය නොතකා කතානායක වරයාට එවැනි සහතිකයක් නීතිපති වරයා දුන්නා.

නීත්‍යානුකූල නොවන අයුරින් පත්වු නීතිපතිවරයෙක්ගෙන් අපිට මීඩ වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් අපි නීතිපතිවරයාට අනතුරු ඇගවීමක් කරනවා 2002 අංක පහ දරණ නිළධාරීන් ඉවත්කිරීමේ කාර්ය පටිපාටී පනත යටතේ තම රාජකාරිය නොසැලකිල්ලෙන් කරනවානම් පක්ෂක්ග්‍රාහීව කරනවනම් ව්‍යවස්ථා විරෝධීව කරනවනම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් ඔහු ඉවත්කිරීමට පාර්ලිමේන්තුවට බලය තිබෙනවා.

ඒ නිසා අපි එතුමන්ට කියනවා ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන වගන්තිය උල්ලංඝණය කරමින් 79 වෙනි වගන්තිය යටතේ ලබාදෙන සහතිකය ලබාදුන්නොත් ඔබ ඉවත්කිරීමට අපි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එනවා. ඒ නිසා ඔබේ ආණ්ඩුවට තියෙන පක්ෂක් ග්‍රාහීත්වය දැන්වත් නතර කරලා නීතිපති තනතුරේ ගෞරවය සුරකින ආකාරයට පලාත්සභා සංශෝධණ පනත සම්බන්ධයෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම අපි ඔහුට කරන අතරම ඔබව අපි හෙළි කරනවා කියන අනතුරු ඇගවීමත් අපි නීතිය කොත්තුදාන නීතිපතිතුමන්ට සිහිපත් කරනවා.

Categories: ප්‍රවෘත්ති Tags:

විමලසුරේන්ද්‍ර ජල විදුලි බලගාරය ආසන්නයේම පිහිටි වතුයායකට දින 3 ක් තිස්සේ විදුලිය නෑ..පන්සියක් අදුරේ

September 19th, 2017 Comments off

NOPOWER

විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලගාරයට හා කාසල්රි ජලාශයට ඉතා ආසන්නව පිහිටි හැටන් කාසල්රි වත්තේ වතුකමිකරු නිවාස පන්සියකට ආසන්න ප‍්‍රමාණයකට දින තුනක් තිස්සේ විදුලිය විසන්ධී වි ඔහුන් අදුරේ සිටින බවට එම වතුකමිකරුවන් චෝදනා කරනවා.

මේ සමිබන්ධයෙන් විදුලි බලමණ්ඩලයට අවස්ථා කිහිපයකදි පැමිණීළි කලද මේ දිනවල විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති විසින් දින හතක් තිස්සේ සිදුකරන වැඩ වර්ජනයක් හේතුවෙන් තමන්ට විදුලි බලය යලි ලබා දිමට කටයුතු නොකළ බවයි එම වතුකමිකරු විදුලි පාරිභෝගිකයන් චෝදනා කරන්නේ. මේ දිනවල මධ්‍යම කදුකරයේ ජල පෝෂක  ප‍්‍රදේහවලට වරින් වර ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විදුලිය නොමැතිව තමන් දැඩි අසිරුතාවයකට පත්වි ඇති බවද එම විදුලි පාරිභෝගිකයන් වැඩි දුරටත් කියා සිටියි.

NO POWER (1) NO POWER (2) NO POWER (3)
Categories: ප්‍රවෘත්ති Tags:

ලංකාවට පැමිණී රොහින්යා සරණාගතයන් සියලු දෙනා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ

September 19th, 2017 Comments off

Rohingya-Muslims

මියන්මාරයේ වර්තමාන තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව කරුණු පහැදිළි කිරීමක් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඩී. ස්වර්ණපාල මහතා විසින් සිදු කර තිබේ.

එම නිවේදනය මෙසේ ය..

මියන්මාරයේ වර්තමානයේ ඇතිවී ඇති තත්ත්වය හා රොහින්යා සරණාගතයන් පිළිබඳව අප සමාජය තුළ නොයෙකුත් කණ්ඩායම් විසින් පසුගිය දින කීපය තුළ පරස්පර විරෝධී අඳහස් දක්වමින් විවිධ ක්‍රියාමාර්ග දියත් කරනු දක්නට ලබුණි.මේ පිළිබඳව ආගමන හා විගමන විෂය භාර අමාත්‍යාංශය වසහ්යෙන් පහත සඳහන් නිවේදනය කිරීමට අඳහස් කෙරේ.

මියන්මාරයෙන් පලා යන රොහින්යා මුස්ලිම් ජාතීන් 55ක පිරිසක් 2008 මාර්තු මස 03 දින ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් මුහුදේදී බේරා ගන්නා ලදුව ඔවුන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය(UNHRC) වෙත භාර දෙන ලදී. මෙම සරණාගතයින් සියලු දෙනා ම 2012 ජූනි මස දිවයිනෙන් බැහැරව ගොස් ඇත.

නැවත වරක් 2013 පෙබරවාරි මස බෝට්ටු දෙකකින් එක් බෝට්ටුවක 138කුත් අනෙක් බෝට්ටුවේ 32කුත් ලෙස සරණාගතයින් 170 දෙනෙකු මුහුදේදී නාවික හමුදාව විසින් බේරාගෙන එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය(UNHRC) වෙත භාරදෙන ලදී. මොවුන් 2015 නොවැම්බර් මස දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

ඉන් පසු 2017 අප්‍රේල් මස 30 වන දින ශ්‍රී ලංකාව ආසන්නයේ අනතුරට පත් යාත්‍රාවක ජීවිත අවදානමකට ලක්ව සිටි ළමුන් 17ක් ද ගැබිණි කාන්තාවක්ද ඇතුළු කාන්තාවන් 07 දෙනෙකු ඇතුළු රොහින්යා වැසියන් 30 දෙනෙකු කලින් වාරවලදී මෙන් ම නවික හමුදාව විසින් බේරාගෙන ගොඩබිමට රැගෙනෑන ලදී.මොවුන් අධිකරණ ක්‍රියාමාර්ගයකින් අනතුරුව (UNHRC) විසින් පෙර පරිදි ම භාරගන්නා ලදී.

මෙම සරණාගතයින් පිළිබඳව කටයුතු කිරීමේ දී රජය විසින් දිගුකලක් තිස්සේ අනුමත නීතිරීති රාමුව තුළ සහ නිශ්චිත ක්‍රියාපටිපාටියකින් බැහැරව කිසිසේත්ම ක්‍රියාකොට නොමැති අතර ඉදිරියේ දී ද කලින් පිළිගත් ක්‍රියාමාර්ග තුළම කටයුතු කරනු ඇත.

ඩී.ස්වර්ණපාල ලේකම්,අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

Categories: ප්‍රවෘත්ති Tags:

ජාතිවාදය, අන්තවාදය හා ත්‍රස්තවාදය එරෙහිව සිවිල් සංවිධාන සමුළුවක්

September 19th, 2017 Comments off

Mano-Ganeeshan_12_10

ශ්‍රී ලංකාවේ සහජීවනය සහ සංහිඳියාව තහවුරු කිරීම පිණිස සිවිල් සංවිධානවල දායකත්වය ලබාගැනීමේ අරමුණින් සිවිල් සංවිධානවල ජාතික මහා සමුළුවක් මේ වසර අවසානයේදී කොළඹදී පැවැත්වීමට ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පියවර ගෙන තිබෙනවා.

බදුල්ල දිසා ලේකම් කාර්යාලයේදී ඊයේ (18දා) පැවැති බදුල්ල දිස්ත්‍රික් සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ හමුවකදී අමාත්‍යවරයා සදහන් කළෙ ඒ සඳහා මෙරට සියලුම සිවිල් සංවිධාන එකතු කොට සිවිල් සංවිධාන ජාලයක් සකස් කිරීමේ කටයුතු දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කර තිබේන බවයි.

ජාතිවාදය, අන්තවාදය හා ත්‍රස්තවාදය යළි මෙරට ඇති නොවීමට සිවිල් සංවිධානවල දායකත්වය ලබාගැනීම මෙම මහා සමුළුවේ අරමුණ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

Categories: ප්‍රවෘත්ති Tags:

සයිටම් කමිටු වාර්තාව GMOA පිලිනොගනී

September 18th, 2017 Comments off
"සයිටම් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා ඇමැතිවරයාගේ වාර්තාවේ හරයක් නෑ. ඒ වාර්තාවෙන් පිළිතුරු ලබා දී තිබෙන්නේ ‍ෙදාස්තර නෙවිල් ප්‍රනාන්දුට පමණයි" යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. "සයිටම්
ආයතනයේ දැනට ඉගෙන ගන්නා දරුවන්ට විසඳුමක් දීලා නෑ. රාජ්‍ය වෛද්‍ය ශිෂ්‍යයෝ පාරේ ඉන්නවා. 

ඒ අය නැවත දේශනවලට කැඳවන්න ක්‍රමයක් ඒ වාර්තාවේ සඳහන් කර නැතැයි වෛද්‍ය නවීන් ද සොයිසා අවධාරණය කරයි. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව ලබා දී ඇති නිර්දේශ

සෞඛ්‍ය ඇමැතිවරයා පිළිගෙන එම ප්‍රමිතිය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළා නම් මේ සයිටම් අර්බුදය මේ තරම් දුර යන්නේ නැතැයි ද හෙතෙම පැවැසීය. ප්‍රමිතිය ගැන අවතක්සේරු කිරීමෙන් රටේ ප්‍රමිතියත් බිඳ වැටෙනවා. ප්‍රමිතිය බිඳවට්ටවලා සොරකම් කරනවා. 

ධීවර අමාත්‍යාංශයේ දී කළ දේ තවත්ව ටයකින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ කරන්නයි මේ උත්සාහ කරන්නේ යැයි සඳහන් කළ වෛද්‍යවරයා, හර්ෂ ද සිල්වා ඇමැතිවරයාගේ වාර්තාවේ ඇතැම් ඡේදවල සඳහන් කරුණු එකිනෙකට පරස්පර විරෝධී යැයි ද කීවේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ
ජනාධිපතිවරයා එම කමිටුවේ සාමාජිකයකු ලෙස නීතිපතිවරයා නම් කර තිබියදී නීතිපතිවරයා වෙනත් අයකු කමිටුව නියෝජනය කරවීමෙන් ජනාධිපති අභියෝගයට ලක් කර තිබෙනවා. ඒක නීති විරෝධීයි. 

ජාත්‍යන්තරය විසින් ප්‍රතික්‍ෂේප කරපු ආයතනයක් ආරක්‍ෂා කරන්න මේ කමිටුවේ වාර්තාව මඟින් කටයුතු කර තිබෙනවා. කමිටුවේ වගකීම හරිහැටි ඉටු නොකර එම නිර්දේශ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ නැතුව ප්‍රකාශයට පත්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල් නෙවිල් ප්‍රනාන්දු රෝහලට වියදම් කිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

ජේ.ටී. ද සිල්වා
Categories: ප්‍රවෘත්ති Tags: