Archive

Archive for the ‘දේශපාලන පුවත්’ Category

අගමැති රනිල් ට එරෙහි විශ්වාසභංගය මේ සතියේ පාර්ලිමේන්තුවට

January 16th, 2018 Comments off
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව මේ සතියේදී පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතාට බාර දීමට කටයුතු කරගෙන යන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

රාජිත සේනාරත්න අමාත්‍යවරයාට එරෙහිව බාර දුන් විශ්වාසභංග යෝජනාවත් තවම හමස් පෙට්ටියේ. ඒ නිසා අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. සමාජවාදී ජනතා පෙරමුණ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් ඊයේ (15) කොළඹ බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා අනුස්මරණ කේන්ද්‍රයේදී පැවැති අතර ඊට සහභාගි වෙමින් නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා..

අද මේ රටේ විශාල දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙනවා. අගමැති හා ජනාධිපති අතර සීතල යුද්ධය දැන් රත්වෙන්න පටන්ගෙන තිබෙනවා. එජාප මුදල් ඇමැති ගත් තීරණ ජනපති වෙනස් කරනවා. ජනාධිපති වසර හයක් බ‍ලේ ඉන්න පුළුවන්ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහලා කියලා දැනගෙන අගමැති කලබල වෙලා. අගමැතිට ඕනෑ මීළඟ මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පවත්වන්නයි. ජනාධිපති උත්සාහ කරන්නේ ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණය පවත්වන්නයි. මේ අර්බුදයත් සමග පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව ජනබලය නැති ආණ්ඩුවක් හා ජන බලය ඇති විපක්ෂයක් නිර්මාණය වෙනවා යැයිද වාසුදේව නනායක්කාර මහතා කීවේය. මේ තත්ත්වය ඉතාම භයානක තත්ත්වයක්. අගමැතිවරයා මේ තනතුරේ ඉන්න තාක් කල් බැඳුම්කරය ගැන ස්වාධීනව කටයුතු කරන්න නීතිපතිට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව දැන් අපි සකස් කරලා මේ දිනවල මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගනිමින් සිටිනවා. මේ විශ්වාසභංගය අපි මේ සතිය තුළ කථානායකවරයාට බාර දෙන්න කටයුතු කරගෙන යනවා. අපිට ලැබි තිබෙන තොරතුරු අනුව බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වළක්වා තිබෙන්නෙත් අගමැතිවරයායි. ඔහු ජනාධිපතිට බලපෑම් කරලා තිබෙනවා මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එපා කියලා. ඒ අනුව තමයි එදා පාර්ලිමේන්තුවට බැඳුම්කර වාර්තාව ඉදිරිපත් කරලා නැත්තේ. මේ තත්ත්වයට පෙබරවාරි 10 දා ජනතාව උත්තර දේවි යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අද ඒකාබද්ධයේ පක්ෂ නායක රැස්වීමක් මහින්ද නිවසේදී.

January 16th, 2018 Comments off
වර්තමාන දේශපාලන කරුණු කිහිපයක් සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(16දා) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිලනිවසේදී පැවැත්වෙන  මෙම රැස්වීමේදී මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රගතිය,ජනපතිධූරය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය  ලබාදුන් තීන්දුව,ඉදිරි කාලය තුළදී ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය සැලසුම් කළයුතු ආකාරය ඇතුළු කරුණු කිහිපයක් ගැන සාකච්ඡා කරන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

මීට අමතරව බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව ජනාධිපතිවරයා අනුගමනය කළ ක්‍රියාමාර්ග,පසුගියදා පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගේ හැසීරීම සහකථානායකවරයා ක්‍රියාකළ අන්දම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි. අද සවස් කාලයේ පැවැත්වීමට නියමිත මෙම රැස්වීමට සහභාගි වන්නැයි  ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පක්ෂ නායකයන්ට සහ ප්‍රධාන වගකීම් උසුලන මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.

අද ඒකාබද්ධයේ පක්ෂ නායක රැස්වීමක් මහින්ද නිවසේදී.

January 16th, 2018 Comments off
වර්තමාන දේශපාලන කරුණු කිහිපයක් සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(16දා) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිලනිවසේදී පැවැත්වෙන  මෙම රැස්වීමේදී මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රගතිය,ජනපතිධූරය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය  ලබාදුන් තීන්දුව,ඉදිරි කාලය තුළදී ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය සැලසුම් කළයුතු ආකාරය ඇතුළු කරුණු කිහිපයක් ගැන සාකච්ඡා කරන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

මීට අමතරව බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව ජනාධිපතිවරයා අනුගමනය කළ ක්‍රියාමාර්ග,පසුගියදා පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගේ හැසීරීම සහකථානායකවරයා ක්‍රියාකළ අන්දම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි. අද සවස් කාලයේ පැවැත්වීමට නියමිත මෙම රැස්වීමට සහභාගි වන්නැයි  ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පක්ෂ නායකයන්ට සහ ප්‍රධාන වගකීම් උසුලන මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.

කොළඹ විජයග‍්‍රාහී සටන රෝසි අරඹයි.

January 16th, 2018 Comments off
ලංකාවේ ප‍්‍රථම පුරපතිනිය පත් කෙරෙන ඓතිහාසික සටන රෝසි සේනානායක මහත්මිය විසින් පසුගිය දා ආරම්භ කළේය. රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේ අත්දැකීම් සහිත සේනානායක මහත්මිය ආර්ථිකය, පරිසරය, නූතන ඉදිකිරීම්, නවීන ජීවන රටා ආදි සියල්ල පිළිබඳව මනා පරිචයක් ඇති අති දක්‍ෂ කාන්තාවක් වශයෙන් පිලිගැනේ. විශේෂයෙන්ම ඇයට ඇති ජාත්‍යන්තර සබඳතා දැනට මෙරට දේශපාලනයේ නියුතු කිසිදු කාන්තාවකට නොමැති තරම්ය. 

නගරයක දියුණුව හෝ සුන්දරත්වය මිණිතය වන්නේ ගොඩනැගිලි හෝ මං මාවත් වලින් පමණක් නොවේ. එකී නගරයේ ජනතාවගේ ජීවන රටාව උසස් තලයකට ගෙන ඒමද අතිශයින් වැදගත්ය. මේ වනවිට කොළඹ අසංවිධිත ඉදිකිරීම්වල ජීවත් වන අව වරප‍්‍රසාදිත ජන සංඛ්‍යාව අති විශාලය. නිසි අධ්‍යාපනයක්, සෞඛාරක්‍ෂිත වටපිටාවක්, සුරක්‍ෂිත ජීවන රටාවක් ඔවුන්ට හිමිකරදීම රෝසි සේනානායක මහත්මියගේ අභිලාෂයයි. 

මෙමගින් කොළඹ නගරය ආසියාවේ ඇති සුන්දරම නගරය පමණක් නොව, එහි ජීවන රටාව ආසියාවේ ඇති උසස්ම ජීවන රටාවන් අතරට ගෙන ඒම රෝසි සේනානායක මහත්මිය අපේක්‍ෂා කරන අතර, ඒ සඳහා තමාට ඇති ජාත්‍යන්තර සබඳතා පූර්ණ වශයෙන් යොදාගන්නටද ඇය අපේක්‍ෂා කරයි.

අපේ උන් අලි හොරු.. ආව ගමන් කෙලගෙන කෙලගෙන ගියා..- රන්ජන් ජනපති සමග එක් වෙයි..[Video]

January 15th, 2018 Comments off
අපේ එවුනුත් ලේසි නෑ. අවුරුදු විස්සක් හිටියේ විපක්‍ෂයෙනෙ. ඒ හන්ද කෙලගෙන කෙලගෙන ගියා. ඒක තමයි ඇත්ත කතාව. මට හෙට ආසනේ නැතිවුණත්, මාව පක්‍ෂයෙන් එලෙවුවත්, බැදුම්කර හොරකමක් සිද්ද වුනා. ඒක තමයි ඇත්ත කතාව.

බොරු කියන්න බෑ. මුඛ පිලිකා එනව. අපේ අයත් හොරකං කලා. ඒක තමයි ඇත්ත. එතකොට ඒ හොරු අල්ලන එක මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගෙ යුතුකමක්. ඡන්ද පොරොන්දුවක්. ජනාධිපති කොමිසමක් දාල ඒ හොරු අල්ලන්න අද මූලික පියවර අරන් තියෙනව. මම එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් ඇතුළු සියළු දෙනාගෙන් ඉල්ල හිටින්නෙ මෛත‍්‍රිපාල ජනාධිපතිතුමා ඒක ගැටුම් ඇති කරගන්න අවශ්‍ය නෑ. 

මේ අපේ ජනාධිපති. එතුමා දින්නෙ අපේ ඡන්දවලින්. අපි ඇයි මෛත‍්‍රිපාල ජනාධිපතිතුමාව අර පරණ හොරු ටික ළගට තල්ලු කරන්නෙ. එහෙම කරන්න හොද නෑ’ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා මෙම අදහස් පල කරනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රචාරක ජන හමුවක් අමතමිනි.

අගලවත්ත එ.ජ.නි.සන්ධාන තොරණ කඩා වැටේ. වේදිකාවටත් වර්ෂාවෙන් කරදර (PHOTOS)

January 15th, 2018 Comments off
අගලවත්ත නගරයේ 14 වැනිදා පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළිය අතර තුර එම වේදිකාවේ වැසි ආවරණ බිඳී එය තුලට ජලය ගලා ඒමෙන් කටයුතු වලට බාධා එල්ල විය . තවද එම අවස්ථාවේ අධික වර්ෂාවක් අගලවත්ත නගරයට ඇද හැළුණු අතර ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගය හරහා ඉදිකර තිබූ විශාල තොරණක් බස් රථයක් මතට කඩා වැටී අලාභ සිදු විය.

මෙම රැළිය අගලවත්ත නගර මධ්‍යයේ බස් නැවතුම හා ත්‍රී රෝද රථ ගාල තුල පැවති අතර දින දෙකක් පුරා එම ප්‍රදේශයට පැමිණි ජනතාවට විවිධ අපහසුතාවලට මුහුණ දීමට සිදු විය. ඉදිකරණු ලැබූ වේදිකා දෙක අද ( 15 දින ) දහවල් වනතුරුත් ඉවත් කර නොතිබීමෙන් වෙළඳ සැල් රැසක් ආවරණය වී තිබුණි.මේ හේතුවෙන් පාසල් සිසුන් හා කාර්යාල සේවකයින්ට හා ප්‍රදේශවාසීන්ට තම අවශ්‍යතා ඉටු කර ගැනීම අපහසු වී තිබුණි.

මෙම තත්වය පිළිබඳව අගලවත්ත ප්‍රදේශවාසීන් රැසක් තම නොසතුට පළ කලහ. ඡායාරූප මගින් දැක්වෙන්නේ දැවැන්ත තොරණ ඇද වැටෙන අයුරු , වෙළඳ සැල් වැසී යන පරිදි ඉදිකල වේදිකාව හා වේදිකාව පුරා ජලය ගලා ගිය ආකාරයයි.





අගලවත්ත පී එම් පත්මසූරිය.

ඇමැති හරින්ගෙන් ජනපතිට අයාචනයක් [Video]

January 14th, 2018 Comments off
බැඳුම්කර සිදුවීමේදී එක් නිලධාරියෙක් කළ වරදක් බවත්, එයට වැරදි අර්ථකථන දීම මගින් සමස්ත ආණ්ඩුවට පහරදීම ඉතාම අසාධාරණ බවත් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

බැඳුම්කර කොමිසම පෙන්වා දෙන පරිදි බැඳුම්කර සිදුවීම් පෙළ ආරම්භ වන්නේ 2008 වසරේදි බවත් එදා පටන් 2015 දක්වා ආණ්ඩුවට බිලියන 4000ක් පාඩු සිදුවී ඇති බවත් අමාත්‍යවරයා මැතිවරණ ජන හමුවක් අමතමින් සඳහන් කළේය. 

අර්ජුන් මහේන්ද්‍රන්ගේ යුගයේදි සිදු වූ පාඩුව බිලියන 11ක් බවත් එසේ බලන විට බිලියන 11 වෙනුවෙන් පමණක් සද්දෙ ඇසෙන්නට කෑ ගසා ඉතිරි බිලියන 4000ක නිහඬව සිටීමෙන් සිදුවන්නේ රටේ ආර්ථීකය මුළුමනින්ම ඇද වැටීම පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

හරින් ප්‍රනාන්දු මහතා තවදුරටත් අතිගරු ජනාධිපතිවරයාගෙන් ආයාචනා කර සිටියේ වහාම මුළු මහත් බැඳුම්කර වාර්තාව සැලකිල්ලට ගනිමින් මුළු මහත් මුදලම නැවත ලබාගන්නට සද්භාවයෙන් යුතුව විවෘත හැඟීමෙන් කටයුතු කරන ලෙසයි.

ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් : එජාපයත් රාජපක්ෂ පවුලත් එක මතයක.

January 14th, 2018 Comments off
දහනව වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ප්‍රතිපාදන නොසළකා වසර 6ක් බලයේ රැඳී සිටීමට උත්සාහ කළහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ සහ රාජපක්ෂ පවුලේ ප්‍රබලයන් පිරිසක් අතර සාකච්ඡාවක් ඇරඹී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අනාවරණය වේ. 

කවර චෝදනා යටතේ මෙම දෝෂාභියෝගය රැගෙන එන්නේද යන්න මෙතෙක් හෙළිවී නැතත් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම මූලික එකඟතාවක සිටින බවට දැනට හෙළිවී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ මතය වී ඇත්තේ ජනාධිපති වරයා මේ වන විට එක්සත් ජාතික පක්ෂයට සතුරු ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බවයි. විශේෂයෙන්ම සිය ධූර කාලය සම්බන්ධ ප්‍රශ්නයද ඔහු කිසිදු විටෙක එක්සත් ජාතික පක්ෂය හෝ එහි නායකත්වය සමග සාකච්ඡා නොකළ බවද එජාප ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. 

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එජාප ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපති ධුරකාලය වසර 5කට සීමා වන බවට වන ප්‍රතිපාදනය වත්මන් ජනාධිපතිවරයාටද අදාළ බව එක්සත් ජාතික පක්ෂයේ මතය වන බවයි. එය 19 වන සංශෝධනයේ 49 (1) බී වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වන බවද ඔහු අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මතයද එයම බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව ජනාධිපති වරයා ව්‍යවස්ථාමය රාමුවට පිටින් කටයුතු කළහොත් දෝෂාභියෝගයක් ගෙන ඒම හැර වෙනත් විකල්පයක් නැති බවද ඔහු හෙළි කළේය.  

මහින්ද යළි ශ්‍රිලනිප නායකත්වයට?

දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ දෝෂාභියෝගයක් මගින්  ජනාධිපතිවරයා බලයෙන් පහ වුවහොත් ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයද ඉක්මනින්ම අහෝසි වී යනු ඇති බවයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වශයෙන් පත් කෙරුණේ ශ්‍රිලනිප සාමාජිකයෙකු ජනාධිපතිවරයා බවට පත් වුවහොත් ඔහුට පක්ෂ සභාපතිත්වය හිමිවන බවට වන පක්ෂ ව්‍යවස්ථා ප්‍රතිපාදනයට යටත්වය. 

මේ අනුව, එවැනි තත්වයක් යටතේ යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හිමි කරගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවකාශ හිමිවේ. මේ වන විට පාර්ලිමේන්තුවේ ඇති සංයුතිය අනුව එක්සත් ජාතික පක්ෂයට ආසන 105ක් හිමිව ඇති අතර එයින් මන්ත්‍රී වරුන් දෙදෙනෙක් ( විජයදාස රාජපක්ෂ සහ අතුරලියේ රතන හිමි ) ස්වාධීන මන්ත්‍රීවරු ලෙස ක්‍රියා කරති. එක්සත් ජනතා නිදහස් සන්ධානය සතුව මන්ත්‍රීවරුන් 95ක් සිටින අතර එයින් 50 දෙනෙක් පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඒකාබද්ධ විපක්ෂය වටා ගොනුවී සිටිති. 

මෛත්‍රිපාල සිරිසේන මහතාට මේ වන විට පාර්ලිමේන්තුව තුළ සහය ලබා දෙන්නේ මන්ත්‍රීවරුන් 45 දෙනෙකු පමණකි. ඔවුන්ගෙන් පිරිසක්ද රාජපක්ෂ පවුල සමග හොර රහසේ සබඳතා පවත්වන බව පසුගිය කාලයේ පක්ෂ අභ්‍යන්තරයෙන්ම චෝදනා එල්ල වී තිබිණි. මේ යටතේ ඉතා පහසුවෙන්ම පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසකගේ සහය මෙම් දෝෂාභියෝගය සඳහා ලබා ගත හැකි බව දෙපක්ෂයේම මතය වී තිබේ. ඔවුන් ප්‍රකාශ කරන්නේ යම් හෙයකින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පිරිසක් ජනාධිපතිවරයාට සහය ලබා දෙන්නට කටයුතු කළත් එයින් දෝෂාභියෝගයට කිසිදු බලපෑමක් සිදුනොවන බවයි.

infosrilankanews.com

120ක බලයක් සහිත තනි ආණ්ඩුවක් හදන්න සූදානම්..- එජපාය කියයි..

January 14th, 2018 Comments off
කිසිවෙකු හෝ සම්මුතිවාදී ආණ්ඩුව එපා කියන්නේ නම් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් නිසැකවම පිහිටුවීමට සූදානම් බව නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා සදහන් කරයි.

ඒ සදහා අවශ්‍ය කරන මන්ත‍්‍රී ආසන ප‍්‍රමාණයටත් වඩා 120ක පාර්ලිමේන්තු බලයක් පෙන්වීමට සුදානම් බවද ඔහු සදහන් කරයි. මේ වන විට එජාපයේ සාම්ප‍්‍රදායික සතුරා බෙදී දුර්වල වී සිටින නිසා මෙම මැතිවරණය එජාපයට වාසිදායක බවද ඔහු සදහන් කරයි. එක්සත් ජාතික පක්‍ෂ මැතිවරණ ප‍්‍රචාරක ජන හමුවක්් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

බැදුම්කරය ගැන හරීන්ගෙන් ප්‍රකාශයක්..!

January 14th, 2018 Comments off

බැඳුම්කර සිදුවීමේදී එක් නිලධාරියෙක් කළ වරදක් බවත්, එයට වැරදි අර්ථකථන දීම මගින් සමස්ත ආණ්ඩුවට පහරදීම ඉතාම අසාධාරණ බවත් ඇමති හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. 


බැඳුම්කර කොමිසම පෙන්වා දෙන පරිදි බැඳුම්කර සිදුවීම් පෙළ ආරම්භ වන්නේ 2008 වසරේදිය. එදා පටන් 2015 දක්වා ආණ්ඩුවට බිලියන 4000ක් පාඩු සිදුවී තිබේ. අර්ජුන් මහේන්ද්‍රන්ගේ යුගයේදි සිදු වූ පාඩුව බිලියන 11කි. එසේ බලන විට බිලියන 11 වෙනුවෙන් පමණක් සද්දෙ ඇසෙන්නට කෑ ගසා ඉතිරි බිලියන 4000ක නිහක්‍ෂව සිටීමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය මුළුමනින්ම ඇද වැටීම පමණකි.


 හරින් ප්‍රනාන්දු මහතා තවදුරටත් අතිගරු ජනාධිපතිවරයාගෙන් ආයාචනා කර සිටියේ වහාම මුළු මහත් බැඳුම්කර වාර්තාව සැලකිල්ලට ගනිමින් මුළු මහත් මුදලම නැවත ලබාගන්නට සද් භාවයෙන් යුතුව විවෘත හැඟීමෙන් කටයුතු කරන ලෙසයි.