Archive

Archive for the ‘දේශපාලන පුවත්’ Category

මේ මාසය නිම වෙන්න පෙර හම්බන්තොට වරාය චීනයට පවරනවා.. මත්තලත් මේ වසර අවසන් වන්න කලින්..- අගමැති

July 22nd, 2017 Comments off
චීන සමාගමකට හම්බන්තොට වරාය පැවරීම සදහා වන ගිවිසුමට මේ මාසය අවසන් වන්නට පෙර අත්සන් තබන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ අදහස් පල කලේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.


නියෝජ්‍ය ඇමති වැට උඩට නගී.. ආණ්ඩුවේ හිදීම ගැන තීරණයක් ගන්න සූදානම්..

July 22nd, 2017 Comments off
තමන් තව දුරටත් ආණ්ඩුවේ සිටින්නේද ඉවත් වන්නේද යන්න ගැන මෙතෙක් තීරණය කර නැතැයි තැපැල් හා මුස්‌ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති ඩුලිප් විඡේසේකර පවසයි.

සුදුසුම මොහොතේදී ආණ්‌ඩුවෙන් ඉවත් වීමට තමන් සුදානම් යයිද පවසන නියෝජ්‍ය ඇමතිවරයා හිදිසි තීරණ නොගෙන හොඳින් සිතා මතා කටයුතු කරන බවද සදහන් කරයි.

ගිය ආණ්ඩුව කුඩු ආණ්ඩුව නම් මේක ‘කොකේන් ආණ්ඩුව’.. සතොස කොකේන් විකුණනවා..- නාමල්

July 22nd, 2017 Comments off
පසුගිය රාජපක්‍ෂ රජයට කුඩු ආණ්ඩුව යයි චෝදනා එල්ල කලද අද පවතින ආණ්ඩුව කොකේන් ආණ්ඩුවක් වී ඇති බවත් සතොස විසින් එලිපිටම කොකේන් ජාවාරමේ නිරතව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

මං උප ජනාධිපති වෙනවා..- ඇමති මනෝ

July 22nd, 2017 Comments off
නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මගින් උප ජනාධිපතිනම් තුනක් ඇති කරන බවත් ඉන් එක උප ජනාධිපති ධුරයක් තමනට හිමිවන බවත් ඇමති මනෝ ගනේෂන් මහත් විසින් සදහන් කර ඇත.

ඇමතිවරයා විසින් මේ බව සදහන් කර ඇත්තේ තමනට හිතවත් ව්‍යාපාරිකයින් පිරිසකටය. කෙසේ වෙතත් මෙම තනතුරු ඇති කිරීම ගැන වූ යෝජනාව මේ වන විටත් ඇත්තේ සාකච්චා මටට්මේය.

ආණ්ඩුව අතහැර එන අය බැසිල් හෙලි කරයි.. ආණ්ඩුව හදන හැටිත් කියයි..

July 22nd, 2017 Comments off
ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට එක් වන්නේ කවුරුන්දැයි හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා හෙලි කරයි.

කළුතරදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ මෙරට ඇති සෑම දේශපාලන ඵක්‍ෂයකින්ම පිරිස් නව දේශපාලන ව්‍යාපාරය හා එක්වනු ඇති බවයි. කෙසේ වෙතත් බලයට එන්නේ ජනතා කැමැත්ත මත පමණක් යයිද ඔහු වැඩි දුරටත් එහිදී කියා සිටියේය.


ගල උඩ සටන ඇරඹෙයි.. තනි ආණ්ඩුවකට දෙපැත්තෙන්ම මෙහෙයුම්..

July 22nd, 2017 Comments off
ලබන ජනවාරි මාසය වන විට එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජේ‍යෂ්ඨ ඇමැති පිරිසක් මැදිහත්ව ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ. 

මේ සාකච්ඡා ආරම්භ වී තිබෙන්නේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලනිප ඇමැති, නියෝජ්‍ය ඇමැතිවරුන් කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගන්නා බවට ප්‍රසිද්ධියේ කෙරෙන ප්‍රකාශත් සමඟය.පාර්ලිමේන්තුවේ දැනට පවතින මන්ත්‍රිවරුන්ගේ සංයුතියට අනුව එජාප ආණ්ඩුවක් පිහිටුවීමට වැඩි හැකියාවක් තිබුණද එජාපයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්ව සිටින මන්ත්‍රි කණ්ඩායම යළි පක්ෂයට එක් කරගෙන ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ප්‍රධාන අරමුණ වී අති බව පැවැසේ.

පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රිවරු 106 දෙනකුද එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රිවරු 95 දෙනකුද, දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රිවරු 16 දෙනකුද, ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රිවරු 6 දෙනකු හා ඊපීඩීපී සංවිධානයට එක් මන්ත්‍රිවරයකුද වශයෙන් මන්ත්‍රිවරු 224 දෙනකු නියෝජනය කෙරේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගෙන් 51ක් සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයේය. කතානායකවරයා සමඟ මන්ත්‍රි සංඛ්‍යාව 225 සපිරේ.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු 16 දෙනාගේ සහයෝගය එක්සත් ජාතික පක්ෂයට දැනටමත් ලබා දෙන බැවින් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට එජාපයට හැකියාවක් පවතින බව එජාපයේ ජේ‍යෂ්ඨ ඇමැතිවරු පෙන්වා දෙති. එජාපයෙන් සන්ධානයට එක්ව සිටින මන්ත්‍රිවරු සමඟ සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති බවත් ඇතැම් මන්ත්‍රිවරු යළි එජාපයට එක්වීම තරයේම ප්‍රතික්ෂේප කර ඇති බවද දැනගන්නට ඇත.

මන්ත්‍රිවරු පිරිසක්, යළි පක්ෂයට එක්වීම සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතුව ඇතැයි පවසා ඇති බවත් තවත් පිරිසක් ඉදිරියේදී තීරණය දැනුම් දෙන බවටත් පවසා ඇතැයි දැනගන්නට ඇත. රජය කෙරෙහි ජනතාවගේ බරපතළ අප්‍රසාදයක් හටගෙන ඇති බැවින් එජාප රජයක් පිහිටුවීමේදී ජනතා ප්‍රසාදය ගොඩනංවා ගැනීමට ක්‍රියා කිරීම වඩා වැදගත්වන බැවින් ඒ සඳහා පුළුල් සංවාදයක් ඇතිකර වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව යෝජනා වී ඇති බවද පැවැසේ.

මේ අතර ශ්‍රී ලනිපයද තනි ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර ඒ සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව එම පක්ෂයට සම්බන්ධ ආරංචි සඳහන් කරයි.

– Mawbima

නේවි සම්පත් ගැන විමල්ගේ හෙලිදරවුවෙන් ෆොන්සේකාට යකා වැහේ… දිගට හරහට විමල්ට බැණ වදී..[Video]

July 22nd, 2017 Comments off
පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ විසින් හාධ්‍ය හමුවක් අමතමින් නේවි සම්පත් නොහොත් සම්පත් මුණසිංහ නම් පුද්ගලයා ගැන කරන ලද හෙලිදරවුවකට ඇමති සරත් ෆොන්සේකා පිලිතුරු දුන්නේ මෙසේය.

බස්නාහිර මහ ඇමතිගේ ** මහලා.. බඩ විරේක බොන්න දීලා..

July 21st, 2017 Comments off
තමනට හා කොළඹ නාගරික කොමසාරිස්ගේ ‘මොකක්ද දෙක’ මසා බඩ විරේක වන්නට පෙති දුන්නා සේ කුණු දමන තැන් වසා දමා කුණු අදින්නැයි කියන බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

එසේ මසා දමා තිබියදී වුවද වඩ විරේක බෙහෙත් බොමින් සිටින බවද ඔහු සදහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොලඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.


lanka C news

“මහින්ද කියන්නේ දෙවියෙක්….! අදත් මම මහින්දට ගරු කරනවා”-කලකිරුණු තෙවරප්පෙරුම කියයි

July 21st, 2017 Comments off
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මම ගරු කරන කෙනෙක්‌. එවැනි නායකයින් මේ රටේ ඉන්න ඕනෑ. නමුත් ගරු නොකරන සිද්ධීන්ද තිබුණා. අහසත් මගේ පොළවත් මගේ වගේ රට පාලනය කළේ යෑයි වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා බුලත්සිංහල දී පැවසීය. ඒ මහතා එම අදහස්‌ පළ කළේ බුලත්සිංහල ජාතික පාසලේ පැවැති උත්සව සභාවක්‌ අමතමිනි. 

තවදුරටත් අදහස්‌ දැක්‌ වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීහ. අද සයිටම් කියල ප්‍රශ්නයක්‌ රටේ තියෙනවා අද වෛද්‍යවරු මොකක්‌ද කරන්නේ. ආණ්‌ඩුවට කියනවා සයිටම් රජයට පවරා ගන්න කියලා. සමහර ප්‍රමිති වෛද්‍යවරු මගේ ඥාතියකුගේ වම් කකුලේ කටුවක්‌ ඇනිල තියෙද්දී දකුණු කකුල කැපුවා. මේ වෛද්‍යවරු ප්‍රමිතිය ගැන කථා කරනවා. මේ රටේ ප්‍රමිති හදන ඇතැම් වෛද්‍යවරු ජීවිත කොච්චර පෙට්‌ටියෙන් එවලා තියෙනවාද?

පරිසරය තියෙන්නේ ජනාධිපති යටතේ, අම්මගේ අප්පගේ බූදලයක්‌ වගේ පරිසරය දවසින් දවස විනාශ වෙනවා. අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක්‌ නැහැ. මම ආණ්‌ඩුවේ ඇමැතිවරයෙක්‌ වුණාට මම ආණ්‌ඩුව ආරක්‍ෂා කරන්නේ නැහැ. පක්‍ෂය ආරක්‍ෂා කරන්නෙත් නැහැ. රටේ පුරවැසියෝ ආරක්‍ෂා කළාම ආණ්‌ඩුවත් ආරක්‍ෂා වෙනවා.


Medaperadiga.com

මං හෙළුවෙන් පාරෙ යන එක වඩා හොදයි..- ඇමති හරීන්

July 21st, 2017 Comments off
මම උමා ඔය වහපන් කියලා පාරවල් ගාණේ කෑ ගහන්න ගියොත් මම ඡෝකර් කෙනෙක් වෙනවා. ඊට වඩා හොඳයි මම රෙදි ගලවල පාරේ යන එක. යැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරින් ප්‍රනාන්දු මහතා බදුල්ල නවීකරණය කළ බදුල්ල සතිපොල ජනතාවට බාරදීමේ උත්සවයට සහභාගිවෙමින් පැවසීය

මහනගර සභා සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනහමුවේදි හරින් ප්‍රනාන්දු ඇමතිවරයා මෙසේද කීවේය.

‘මම දන්නවා ඌමා ඔය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් උද්ගතවෙලා තියන අවස්ථාවක ගොඩක් මිනිස්සු හිතනවා අපි කර ඇරලා ඉන්නවා කියල. අපි නොකරපු පවක් අපේ කර උඩට ඇවිල්ලා ති‍යෙනවා. කෙරුවේ වෙන කට්ටියක්.පව් ගෙවන්නේ තව කට්ටියක්. බැනුම් අහන්නේ තව කට්ටියක්. ඒක තමයි දේශපාලනයේ කරුමේ. මම මුල් ගලක් වත් තිබ්බේ නැහැ .මම උමගක් කපන්න කිව්වේත් නැහැ .මම ඕක ගැන දන්නේත් නැහැ .ඒත් මින්ස්සු බනින්නේ මට. ලෝකයේ හැටි ඔහොම තමයි .කරන්න දෙයක් නැහැ. 


දැන් අපි කරන්න ඕන දේ ආණ්ඩුව තුළකරනවා . පෙලපාලි ගිහින් බනින්න බැහැ .ඌමා ඔයට ගිහිල්ලා මිනිස්සු එක්ක එකතු වෙලා උද්ඝෝෂනය කරන්න බැහැ .මොකද මම ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයෙක්. මට පාරේ සටන් කරලා ඡන්ද ගන්න ඕන නම් ගිහින් වෙන සටනක් කරන්න පුලුවන් .මේ වෙලාවේ ඡන්ද ගන්න එක නෙමෙයි කරන්න ඕන මිනිස්සුන්ට සහන හොයලා දෙන එක මම ඒකයි කළ යුත්තේ .මම කළ යුත්තේ වෙන දෙයක් නෙමෙයි .ඒ නිසා මම හිතනවා ඒක වෙලා තියනවා. අද ඒ කමිටුවෙන් විශාල සහන රාශ්‍රියක් හම්බවෙලා තියනවා හැබැයි ඒවා කවුරුත් දන්නේ නැහැ .මගේ හදවත දන්නවා ඒක හොදටම ඇති’

සුලක්ෂ පියතිස්ස බදුල්ල ‍
– Lakbima