Archive

Archive for the ‘ඕපාදුප’ Category

“මතින් මත් වී පිස්සු නටන ප්‍රසිද්ධ නිළියගේ වීඩියෝවක් සමජ ජාලා කළඹයි” (VIDEO)

July 21st, 2017 Comments off
ඩිලානි අබේගුණවර්ධන තම වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කර ඇත. 

පදමට වෙරි වූ ඇය රඟන රැගුම ඇතුළත් වීඩියෝව පහතින්…


Categories: ඕපාදුප Tags:

“මම පදක්කම විකුණුවේ නැත්තේ – මහින්ද නම් මේ උතුම් මිනිසාට වූ පොරොන්දුවක් නිසා”

July 21st, 2017 Comments off
තමන් පදක්කම විකිණීමට දැරූ උත්සාහය අත්හැර දැමුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අවවාදයකට අනුව බව සුසන්තිකා ජයසිංහ පවසනවා.

කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් තමාට ලැබෙන සුළු දෙයකින් හෝ උපරිම සේවයක් කරන ලෙසත් හිටපු ජනාධිපතිවරයා කළ ඔවදන මත මෙම තීරණය ගෙන ඇති බවයි ඇය මාධ්‍ය ආයතනයක් වෙත ප්‍රකාශ කර ඇත්තේ.

සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සහ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ලේකම්වරයා තමා අමතා මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්චා කළ බවද ඇය සඳහන් කර තිබෙනවා.මීට අමතරව වත්මන් රජයේ කිසිවෙක් මේ පිලිබඳ තමාගෙන් කිසිදු විමසුමක් නොකළ බවද ඇය චෝදනා කර ඇත.
Categories: ඕපාදුප Tags:

අකාලික පෞරුෂය – මහින්දගේ ජායාරූපය ගැන නාමල් තැබු සටහන (PHOTOS)

July 21st, 2017 Comments off
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ව්‍යායාම් වල නිරතවන අයුරු දැක්වෙන ජායාරූප පෙළක් පා.ම නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවට එකතු කර ඇත. මන්ත‍්‍රීවරයා එම සටහනේ සදහන් කර ඇත්තේ ‘අකාලික පෞරුෂය’ යන්නයි.

Categories: ඕපාදුප Tags:

Cricinfo වෙබ් අඩවියටත් වරදියි.. ප‍්‍රියන්ජන් දැවී ගිය පසු සදුන් තනියම පන්දුවට පහර දෙයි (PHOTOS)

July 21st, 2017 Comments off
සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ‍්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරගයේදී අශාන් ප‍්‍රියන්ජන් දැවී ගිය පසු සදුන් වීරක්කොඩි  පන්දුවට පහරදෙන අවස්ථා පමණක් දැක්වෙන  විස්තර විචාරයක් cricinfo වෙබ් අඩවියේ සටහන් වුනා.

එම අවස්ථාව පහතින්..

Categories: ඕපාදුප Tags:

ජනතාවගේ කැමැත්ත රන්ජන් ඉටුකරයි

July 21st, 2017 Comments off
රන්ජන් රාමනායක කාලෙන් කාලෙට කතා පුවත් මවන රටේ ආන්දෝලනාත්මක චරිතයක්.හොරු ගැන වැඩිපුර කතා කරන නිසාම බොහෝ අය කීවේ නලුවෙක්,ඇමතිවරයෙක් වනවාට වඩා පොලිස් නිළධාරියෙක් වෙන එක රන්ජන්ට ගැලපෙනවා කියලා.

ඔන්න ඒ වගේම රන්ජන් රාමනායක ඇමතිවරයා පොලිස් නිළධාරියෙකු බවට  පත්වෙලා.හැබැයි ඒ ඇත්තටම නම් නෙමෙයි.ඔහු රංගනයෙන් දායක වන සිනමා නිර්මාණයක් වෙනුවෙනුයි ඔහු මෙහෙම පොලිස් නිළධාරියෙකු වෙලා තියෙන්නේ.

එහි ජායාරූප පහතින්....

Categories: ඕපාදුප Tags:

ජයග්‍රහණය ගැන චන්දිමාල් හා අසේල කියූ දේවල්

July 18th, 2017 Comments off

සිම්බාබ්වේ කණ්ඩායම මෙම තරගාවලියට පිවිසියේ ඉතාමත් හොඳ සැලසුමකින් බව පෙනුණත් ඒ සියල්ල බිඳ දැමීමට තම කණ්ඩායමේ සියලුම දෙනා සමත්වූ බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

ඔහු මේ අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් තරගය අවසන් වීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදීය. තවදුරටත් අදහස් දැක්වූ චන්දිමාල් "සිම්බාබ්වේ පිලෙන් අපිට හොඳ පීඩනයක් ලැබුණා. අපේ කඩුලු 5ක් ඉක්මනින්ම බිඳ වැටුණත් අසේල හා දික්වැල්ල අපට ජයග්‍රහණය සඳහා අවශ්‍ය මාර්ගය සලසා දුන්නා. මම අද උදේ (ඊයේ 18දා) මේ තරගයට එනකොට අසේලට කිව්වෙ "අසේල ඔයා අද 100ක් ගහනවා කියලා. ඒත් අසේල මට කිව්වේ "මම ලකුණු 70ක් ගහලා තරගය දිනවනවා කියලා" ඒ වගේ විශ්වාසයක් අපේ කණ්ඩායම තුළ දැන් ගොඩනැඟිලා තියෙනවා. ඒ වගේ කෙනෙක් අපේ
කණ්ඩායමේ ඉන්න එක ගැන මට ආඩම්බරයක් තියෙනවා" යැයි පැවැසූ ශ්‍රී ලංකා නායකයා රිවර්ස් පහර සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

"මම මගේ කණ්ඩායමේ පිතිකරුවන්ට කිව්වේ ඔයාල තමන්ට හුරු පුරුදු විදියට සෙල්ලම් කරන්න. මේ තරගය එතරම් පීඩනයක් කරගන්න එපා කියලයි. ඒ වගේ පහරවල්වලින් තමයි අපට ලකුණු එන්නෙ. ඉතින් මේ වගේ තණතීරුවල ඒ වගේ පහරවල් යන එක ඒ තරම් ගැටලුවක් වෙන්නේ නැහැ. මේ ජයග්‍රහණය නිසා අපේ මානසිකත්වය ඉහළ මට්ටමකට පැමිණියා. මේ ජයග්‍රහණයත් සමඟින් ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගාවලියට හොඳින් මුහුණ දෙන්න අපිට සැලසුම් තියෙනවා" යනුවෙන්ද ශ්‍රී ලංකා නායකයා කීය.

මේ අතර තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ අසේල ගුණරත්න පැවැසුවේ මෙවැනි ජයග්‍රහණයක් කරා යෑමට දික්වැල්ලගෙන් ලැබූ උපදෙස් හා දිරිගැන්වීම් අමතක නොකළ හැකි බවය.

"මම ලොකු පහරවල්වලට යයි කියලා දික්වැල්ල නිතරම බලාපොරොත්තු වුණා. එයා නිතරම මම ළඟට ඇවිත් කිව්වෙ අර පහරට යන්න එපා. මේ පහරට යන්න කියලයි. ඒ වගේ ක්‍රීඩකයකු සමඟ ලකුණු රැස්කරන එක හරි පහසුයි. අපි දෙන්නටම ඕන වුණේ තරගය දිනවන්න"යැයි පැවැසූ ගුණරත්න ඉදිරියේදී විවිධ ආකාරයට පන්දු යැවීමට අදහස් කරගෙන ඇති බවද පැවැසීය.

තරගයේ පරාජයෙන් පසුව සිම්බාබ්වේ නායක ක්‍රීමර් කියා සිටියේ දින 4ක් පුරා තම කණ්ඩායම අතේ තිබූ තරගය අවසන් දිනයේදී ගිලිහී ගිය බවයි. කෙසේ වෙතත් මෙවර පෙන්වූ දක්ෂතා නිසා ඉදිරියේදී තම රටට ටෙස්ට් තරග වැඩිපුර ලැබෙනු ඇතැයි ක්‍රීමර් බලාපොරොත්තු පළ කළේය.
Categories: ඕපාදුප Tags:

ශ්‍රී ලංකාව සිම්බාබ්වේ පරදා කඩුලු 4ක ජයක් ලබා අපරාජිත බව රැකගනී

July 18th, 2017 Comments off
ශ්‍රී ලංකාව තුළදී ඕනෑම කණ්ඩායමක් හඹා ගොස් ජයගත් ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවේ වාර්තාව (391/6) ඩැහැගත් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් ඊයේ (18දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී අවසන් වූ එකම ටෙස්ට් තරගය කඩුලු 4කින් ජයගනිමින් ටෙස්ට් තරගාවලියද 1-0ක් ලෙස ජයගත්තේ ඔවුන්ට එරෙහිව ඇති ටෙස්ට් අපරාජිත බව රැක ගනිමිනි.

පෙරේදා කඩුලු 3කට ලකුණු 170ක් වූ ශ්‍රී ලංකා ඉනිම ඊයේ පෙරවරුවේ තරගය ආරම්භ කර පළමු පැය තුළදී මෙන්ඩිස් හා මැතිව්ස්ගේ දැවී යෑමෙන් පසු දැඩි පසුබෑමකට ලක්වුවද දික්වැල්ල හා ගුණරත්න එක්ව ගොඩනැඟූ විශිෂ්ට සබඳතාව ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රධාන දායකත්වය සපයා තිබිණි.
එහිදී මෙන්ඩිස් හා මැතිව්ස්ගේ දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 203ක් ලෙස පත්වුණද කණ්ඩායම වැටී ඇති තත්ත්වය මනාව තේරුම් ගත් දික්වැල්ල හා ගුණරත්න ලකුණු 388ක ජයග්‍රාහී ඉලක්කයක් කරා යන ගමන පහසු කළේය.

කෙසේ වුවත් තරගයේ අවසන් දිනය වන ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස මෙන්ඩිස් ලකුණු 66ක් ලබා සිටියදී දවාගත් ක්‍රීමර් ලකුණු 25ක් ලබා සිටි හිටපු නායක ඇන්ජිලෝ මැතිව්ස්ද ක්‍රීඩාගාරයට හරවා යැව්වේ පෙරවරුවේදීම තරගය අවසානය කිරීමට මාර්ගය සලසමිනි.
එහෙත් කුසල් මෙන්ඩිස්ගේ හා මැතිව්ස්ගේ දැවීයෑමෙන් අනතුරුව පිටියේ එක්වූ දික්වැල්ල හා ගුණරත්න කණ්ඩායම වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට උපරිම උත්සාහයක නිරත වූහ. ඒ අනුව ඊයේ දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කට ලකුණු 270ක් කරා රැගෙන යෑමට දික්වැල්ල හා ගුණරත්න සමත් වූහ.

ගුණරත්න සමඟ එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121ක සබඳතාවක් එක් කරමින් සිටියදී පන්දු 118කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 81ක් ලබා සිටි දික්වැල්ල දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 324 ක් විය. විනාඩි 151ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් දික්වැල්ල ලබාගත් මෙම අර්ධ ශතකය ඔහුගේ ටෙස්ට් දිවියේ 3 වැනි අර්ධ ශතකය මෙන්ම ටෙස්ට් දිවියේ හොඳම ඉනිම බවටද පත්වී තිබිණි.

දික්වැල්ලගේ දැවී යෑමෙන් අනතුරුව ගුණරත්නට එක්වූ දිල්රුවන් පෙරේරා කඩුලු 4ක ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකාව රැගෙන ගිය අතර, ශ්‍රී ලංකා ජයග්‍රහණය තෙක් තම කඩුල්ල ආරක්‍ෂා කරගත් අසේල ගුණරත්න නොදැවී ලකුණු 80ක් ලබා සිටියේය. කලවේ ආබාධයක් සහිතව ක්‍රීඩා කරමින් පන්දු 151කට මුහුණ දී
හතරේ පහර 6ක් සමඟින් ගුණරත්න ලබාගත් මෙම අර්ධ ශතකය ඔහුගේ ටෙස්ට් දිවියේ තෙවැනි අර්ධ ශතකයද විය. ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා යන අවස්ථාවේදී තරගයේ වීරයා වූ ගුණරත්නට අනගි සහායක් ලබා දුන් දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 29ක් ලබාගත් අතර, ගුණරත්න හා දිල්රුවන් අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 67ක සබඳතාවක් තැබීමද විශේෂත්වයකි.

සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 356ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 346ක් පමණි. ලකුණු 10ක වාසියක් ලබාගෙන දෙවැනි ඉනිම ඇරැඹූ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 377ක් ලබා ලකුණු 388ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නේය.
පළමු ඉනිමේ කඩුලු 5ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 6ක් සමඟින් මුළු තරගයේදීම ලකුණු 249කට කඩුලු 11ක් දවාලූ රංගන හේරත් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ අතර ක්‍රීමර් මුළු තරගයේදී ලකුණු 275කට කඩුලු 9ක් දවා ගත්තේය.

ලකුණු පුවරුව

සිම්බාබ්වේ පළමු ඉනිම _ 356 (කේ‍රජ් එර්වින් 160, රංගන හේරත් 5/116)
ශ්‍රී ලංකාව පළමු ඉනිම _ 346 (උපුල් තරංග 71, දිනේෂ් චන්දිමාල් 55, ක්‍රීමර් 5/125)
සිම්බාබ්වේ දෙවැනි ඉනිම _ 377 (සිකන්දර් රාසා 127, මැල්කම් වොලර් 68, රංගන හේරත් 6/133, දිල්රුවන් පෙරේරා 3/95)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම
දිමුත් කරුණාරත්න
ප. විලියම්ස් 49
උපුල් ඇ. මූවර් ප. ක්‍රීමර් 27
මෙන්ඩිස් ඇ.විලියම්ස්
ප. ක්‍රීමර් 66
චන්දිමාල් ඇ. මසකඩ්සා
ප. ක්‍රීමර් 15
මැතිව්ස් ඇ.හා ප. ක්‍රීමර් 25
දික්වැල්ල ඇ.චකබ්වා
ප. විලියම්ස් 81
අසේල නොදැවී 80
දිල්රුවන් නොදැවී 29
අතිරේක 19
මුළු ලකුණු (පන්දුවාර 114.5කදී කඩුලු 6කට) 391
කඩුලු වැටීම _ 1-58, 2-108, 3-133, 4-178, 5-203, 6-324
පන්දු යැවීම _ ක්‍රීමර් 48-6-150-4, විලියම්ස් 43.5-2-146-2

(විචිත්‍ර වීරසිංහ)
Categories: ඕපාදුප Tags:

ත්‍රාසය, භීතිය, විකෘති ලිංගික ක්‍රියාකාරකම් ඇතුලත් රටම කලඹන ඉරාජ්ගේ අලුත්ම වීඩියෝව මෙන්න

July 18th, 2017 Comments off
ඉරාජ් වීරරත්නගේ අලුත් නිර්මාණය ක්ලියෝපැට්රා චිත්‍රපටය කියලා අපි ඔබට කිව්වනේ. ඒ වගේම මේ අලුත් නිර්මාණය youtube චිත්‍රපටයක් වන අතර එහි එය ගීතයකින්ද සමන්විත වනවා කියලා තමයි ඉරාජ් කියලා තිබ්බේ.සමාජශාලා වල රහසිගත සිදුවන සත්‍ය සිදුවීම් පාදක කරගෙන මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙනවා. මේ කතාව ඒ සමාජ ශාලාවක සේවය කරන තරුණියක් වටා ගෙතුණු කතාවක්.

ඉතින් මෙම චිත්‍රපටයේ අඩංගු ගීතය ඊයේ දිනයේ අන්තර්ජාලය වෙත නිකුත් කර තිබුණා. ත්‍රාසය, භීතිය, විකෘති ලිංගික ක්‍රියාකාරකම් ඇතුලත් මෙම චිත්‍රපටය ඉදිරි දින කිහිපයේ අන්තර්ජාලයට එක් කිරීමට Iraj production ආයතනය තීරණය කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.


Categories: ඕපාදුප Tags:

14 හැවිරිදි පාසල් සිසුවිය නිළ ඇදුම් මාරු කර එකම දිනයකදි පෙම්වතුන් දෙදෙනෙකු සමග රූම් ගිය හැටි .!

July 18th, 2017 Comments off
14 හැවිරිදි පාසල් සිසුවියක් එකම දිනයකදී තම පෙම්වතුන් දෙදෙනාගෙන්ම ලිංගික අපයෝජනයට ලක්වීමේ සිදුවීමක් ගම්පොල ප්‍රදේශ‍යෙන් වාර්තා වනවා. මෙම සිසුවිය සිය පාසැල් නිල ඇඳුම බස් නැවතුම්පලේ පොදු වැසිකිළියේදී මාරුකර එක් පෙම්වතෙකු සමඟ පුස්සැල්ලාව හෝටල් කාමරයකට ගොස් එහිදි අපයෝජණයට ලක්ව ඇති බව හෙළිව තිබෙනවා.

පසුව දැරිය තම පැරණි පෙම්වතා හට දුරකථන ඇමතුමක් ලබා දී ඔහු ගෙන්වා ගෙන මාවනැල්ල ලැඟුම්හලක කාලය ගතකර තිබෙන බව සදහන්.දැරිය පේරාදෙණිය ප්‍රදේශයේදී හඳුනාගත් හමුදා සෙබළෙකු වන පෙම්වතා සමඟ පුස්සැල්ලාව හෝටල් කාමරයට ගොස් තිබේ. විවාහකයකු වන හමුදා සෙබලා දැරිය දූෂණය කිරීමෙන් අනතුරුව දැරියට නිවසට යන ලෙස දන්වා ඔහු බදුල්ලට ගොස් ඇතැයි සදහන්.

එක් දරු මවක් වන ඔහුගේ බිරිද මේ පිළිබඳව ගම්පොල පොලිසිය වෙත පැමිණිලි ක‍ර තිබීමෙන් පසුව සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණ ඇරඹී ඇත. දැරිය පිළිබඳ ගම්පොල පොලීසිය වෙත පැමිණිලි ලැබීම නිසා කෑගල්ලේ සිටි පෙම්වතා මෙසේ අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ සිදුකරයි.

පුවත්පත් වාර්තා ඇසුරිනි
Categories: ඕපාදුප Tags:

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක් ?

July 18th, 2017 Comments off
බංග්ලාදේශ සුපිරි ක්‍රීඩක තමිම් ඉක්බාල්ගේ බිරිඳට එංගලන්තයේදී ඇසිඩ් ප්‍රහාරයක් එල්ලව ඇති බවට පුවතක් ප්‍රවෘත්ති වෙබ් අඩවි වලින් සහ සමාජජාලා මාධ්‍ය වලින් ප්‍රචාරය වෙමින් පවතිනවා. නමුත් අප කළ සොයා බැලීම් වලින් තහවුරු වූයේ මෙම පුවත ව්‍යාජ ප්‍රවෘත්තියක් බවයි.

එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ එසෙක්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ තමීම් තරගවාරය නිම වීමට පෙර නැවත බංග්ලාදේශයට පැමිණ තිබෙනවා. ඒ පෞද්ගලික හේතුවක් නිසා බව කියමින්. කෙසේ වෙතත් ඉන්දියානු පුවත්පත් වාර්තා කර තිබුනේ එංගලන්තයේදී හිජාබ් ඇදුමෙන් සැරසි අවන්හලකට ගොස් සිටි තමීම් ගේ බිරිඳට එංගලන්ත ජාතිකයන් පිරිසක් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමට හඹා ගොස් ඇති බවයි . 

එම සිදුවීම නිසා කළකීරීමට පත්වූ තමීම් පෙරලා සිය පවුල සමග බංග්ලාදේශයට පැමිණ තිබෙන බව එම ඉන්දීය පුවත්පත් වාර්තා කර තිබුනා. මෙම කටකතා වලට සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ පිළිතුරු දී තිබෙන ටමීම් ඉක්බාල් පවසා සිටින්නෙ එවැනි සිදුවීම් කිසිවක් සිදු නොවු බවත් තමන් එංගලන්තයේ ක්‍රීඩා කිරීමට ප්‍රිය කරන බවත් ය.

තමීම් ගේ බිරිද යැයි ප්‍රචාරය වන ව්‍යාජ ඡායාරූපය...


 
තමීම් මේ පිලිබදව තැබු ට්විටර් සටහන...


 
Categories: ඕපාදුප Tags: