Archive

Archive for the ‘ආරක්ෂක පුවත්’ Category

මහනුවර දුම්රියපොළේ ගින්නක්…

September 19th, 2017 Comments off

මහනුවර දුම්රියපොළේ ගින්නක්…

September 19th, 2017 Comments off

කිලිනොච්චි බේබද්දෝ පස් දෙනකු පිහිවලින් කපා යුද කඳවුර හරහා පැනගිහින්

September 19th, 2017 Comments off
කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පස් දෙනකු තියුණු ආයුධවලින් කපා දැමූ සැකකරුවන් පිරිසක් අසල පිහිටි යුද හමුදා කඳවුරක් හරහා පැන යෑම
නිසා පෙරේදා (17දා) රාත්‍රියේ ඇතිවූ දැඩි උණුසුම් තත්ත්වයක් කිලිනොච්චිය පොලිසිය මඟින් පාලනය කොට ඇත. පෙරේදා සවස පරන්තන් ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසලක් අසල බීමත් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් නිසා එම දෙපිරිසම මත්පැන් හලේ හිමිකරුවන් විසින් ඉවත් කර ඇත. 

ඉන් පසුව එක් පිරිසක් අසල පිහිටි කුඹුරු යායක බීමතින් සිටි අවස්ථාවේදී මුලින් ගැටුම ඇතිකරගත් අනෙක් පාර්ශ්වය විසින් තියුණු ආයුධ සහිතව පැමිණ බීමතින් සිටි පිරිසට පහරදී ඇති බවට කිලිනොච්චිය පොලිසිය මඟින් කරුණු අනාවරණය කරගෙන ඇත. මේ පහරදීමෙන් පුද්ගලයන් 5 දෙනකු කැපුම් තුවාල ලබා කිලිනොච්චිය මහ රෝහලට ඇතුළත් කොට ඇත. පහරදීමට පැමිණි පිරිසේ එක් සැකකරුවෙක් අසල පිහිටි යුද හමුදා සම්බන්ධීකරණ කඳවුරක් හරහා පැන යෑමත් සමඟ ප්‍රදේශවාසීන් විසින් උණුසුම්කාරීව හැසිරුණේ සැකකරුවන් යුද හමුදාව සන්තකයේ තබා ආරක්ෂා කරන බවට චෝදනා කරමිනි.

පසුව එම ස්ථානයට යුද හමුදා අමතර කණ්ඩායමක්ද පැමිණ ඇත. ඒ සමඟම කිලිනොච්චිය පොලිස් කණ්ඩායමක් පැමිණ තත්ත්වය පාලනය කරමින් ප්‍රදේශවාසීන්ට කරුණු පහදා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත. ඊයේ (18දා) උදෑසන වන විට පහරදීමට පැමිණි ත්‍රිරෝද රථ හිමිකරුවකු වූ සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසුව තවත් තිදෙනකු හඳුනාගෙන ඇත. එම පිරිස අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇතැයි පරීක්ෂණ පවත්වන කිලිනොච්චිය පොලිසිය කියා සිටියේය.

මුලතිව් - ශෂිකුමාර්,ඕමන්ත - ශේෂලා අමරසිංහ

ATM කාඩ්පත් හිමියන් ප්‍රවේශම්වන්න! බැංකුවලින් අවවාදයක්!

September 19th, 2017 Comments off
මෙරට ප්‍රධාන පෙලේ බැංකු සියල්ලකම පාහේ සවයංක්‍රීය ටෙලර් යන්ත්‍ර අසල මේ දිනවල නිවේදනයක් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් බැංකු කාර්ය මණ්ඩලය ලෙස පෙනී සිටිමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ඔබගේ ATM කාඩ්පතෙහි රහස්‍ය අංක ලබා ගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙනි.

කිසිදු කරුණක් නිසා ඔබගේ කාඩ්පත හෝ රහස්‍ය අංකය අන්සතු නොකරන ලෙසයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

සිතුල්පව්ව රජමහා විහාරාධිපති අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

September 19th, 2017 Comments off
පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානවලට හානි කිරීමේ චෝදනා මත තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි සිතුල්පව්ව රජමහා විහාරාධිපති හිමියන් පවසනවා. ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පිහිටි ගල් ලෙන්වල බුදු පිළිම ස්ථාපිත කිරීම මීට ආසන්නතම හේතුව බවයි උන්වහන්සේ නෙත් නිවුස් වෙත කියා සිටියේ.

අදාළ ලෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සහ ඒවායේ සිදුවන විෂමාචාර අවම කිරිමේ අරමුණින් ඒවායේ බුදු පිළිම තැන්පත් කළ බව ද විහාරාධිපති හිමියන් කියා සිටියා. කෙසේ වෙතත් පුරා වස්තු විනාශ කිරීමට තමන් කිසිවිටෙකත් ක්‍රියා කර නොමැති බවයි උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩායමක් ඊයේ (18) සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා. ඒ පිළිබඳ විමසීමට පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සම්බන්ධ කර ගත්තා. ඔහු එහිදී කියා සිටියේ අද(19) දිනය ඇතුළත ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරන බවයි.

හබරණ ගෙදර බල්ලා දවස් 7 දරුවා මරා කයි! – කුඩා දරුවන් ප්‍රවේශම් කරගන්න

September 17th, 2017 Comments off

දින 07 ක් වයසැති බිළිඳෙකු සුනඛයෙකු සපාකෑමෙන් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් හබරණ – නාමල්පුර – ආසිරිගම ප්‍රදේශයෙන් වාර්තාවනවා.  ඊයේ රාත්‍රී 7 ට පමණ මෙම දරුවාගේ මව, බිළිඳා නිවසේ බිම නිදි කර මදුරු දැළකින් වසා මුළුතැන්ගෙයි ආහාර පිස තිබෙනවා. එම අවස්ථාවේදී එහි පැමිණි අසළ නිවසක සිටි සුනඛයෙකු බිළිඳා සපා කා ඇති බවයි වාර්තාවන්නේ.

සුනඛයා සපාකෑමෙන් හිසට තුවාල සිදුවූ බිළිඳා ඇතුළත් කර ඇත්තේ හබරණ රෝහලටයි.  පසුව දඹුල්ල රෝහලට බිළිඳා මාරුකර යවා ඇති නමුදු, එහිදී එම බිළිඳා ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. මියගිය බිළිඳාගේ මවගේ වයස අවුරුදු 24 ක් වන අතර, ඇයට වයස අවුරුදු 6 ක සහ 2 ක දියණියන් දෙදෙනෙකුද සිටිනවා.

බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියාව කිඹුල ඇදගෙන ගියාට කාල නෑ මියගොස් ඇත්තේ දියේ ගිලීමෙන්

September 17th, 2017 Comments off

පසුගියදා ආරුගම්බේ ආසන්න කලපුවකදී කිඹුල් ප්‍රහාරයකට ගොදුරුවී මියගිය බ්‍රිතාන්‍ය ජාතික පෝල් මැක්ලීන් නමැති 24 හැවිරිදි මාධ්‍යවේදියාගේ දේහය ගොඩගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ දියේ ගිලීමෙන් හුස්ම හිරවීමකි.

අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ ඒ.ඉළංකෝවන් මහතා පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී පෝල් ගේ මළ සිරුරේ කිඹුලා ඇදගෙන යාම නිසා දකුණු කකුලේ තුවාල සිදුවී ඇති බව හඳුනාගෙනතිබෙන නමුත් මරණයට එම තුවාල හේතුවිය නොහැකි බව දන්වා ඇත. මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ කලපුව අසල සිටි අයෙකු පොල් දිය තුළ සිට අතක් ඔසවා උදව් ඉල්ලා තිබූ බවද වාර්තාවී තිබුණ අතර ඉන්පසු ඔහු දිය යට නොපෙනී ගිය නිසා කිසිවක් කරගන්නට බැරිව ගිය බව දන්වා තිබුණි. 

මළ සිරුර හමුවූයේද පසුදිනයි. මළ සිරුරේ වෙනත් ස්ථානයක කිඹුලා විසින් සපා කෑ තුවාල තිබී නැත. අම්පාර - පානම පොලිස් බල ප‍්‍රදේශයේ - කොකඩයිල් රොක් ප‍්‍රදේශයේදී මෙම අන්තරාය සිදුවිය. පසුව ඉකුත් 15 වෙනි දින පෙරවරුවේ පොලීසිය සහ නාවික හමුදාව විසින් පොල් මැක්ලින්ගේ මළ සිරුර සොයා ගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර මහ රෝහලේ සිදු කර දේහය බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෙකුට භාරදෙනු ලැබීය. පොල් සමග පැමිණි විදෙස් මිතුරු කණ්ඩායමද මෙම අවස්ථාවන්ට එක්විය.


පොලීසියටත් ගේම දෙන්න ගිය ගණේමුල්ලේ හයි ෆයි අම්මයි දුවයි අතේ කෝට්…!

September 15th, 2017 Comments off
සිය මවට අයත් මොටර් රථයක කල්බදු වාරික හතරක්‌ ගෙවා ගැනීමට නොහැකි වීම නිසා එය සිය සොහොයුරකුගේ නිවසේ සඟවා තබා කොල්ල කල්ලියක්‌ විසින් පැහැරගත් බවට අසත්‍ය පැමිණිල්ලක්‌ සිදුකොට පොලිසිය නොමඟ යෑවීමට තැත් කිරීම සම්බන්ධයෙන් අදාළ මෝටර් රියේ හිමිකාරිය හා දියණිය පිළිබඳ මාවනැල්ල පොලිසිය මගින් මේ වන විට පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

ගණේමුල්ල පොලිස්‌ වසමට අයත් ඉඹුල්ගොඩ, පරකන්දෙණිය ප්‍රදේශයේ පනස්‌පස්‌ හැවිරිදි කාන්තාවක හා ඇගේ විසිඅට හැවිරිදි දියණිය විසින් පසුගිය 30 දින පහළ කඩුගන්නාව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු විසින් ඔවුන් පැමිණි මෝටර් රථය හා ඔවුන් සතුව තිබූ රුපියල් එක්‌ලක්‌ෂ තිස්‌පන්දහස්‌ පන්සියක්‌ වටිනා රන් ආභරණ මංකොල්ල කෑ බවට ගණේමුල්ල පොලිසියට පැමිණිලි කර තිබිණි.

පසුව එම පොලිසිය මගින් මෙම කොල්ලය පිළිබඳ කඩුගන්නාව පොලිසියට දැනුම් දී ඇති අතර එහිදී එම පොලිසිය පවසා ඇත්තේ සිද්ධිය සිදු වූ බව කියන පහළ කඩුගන්නාව ප්‍රදේශය මාවනැල්ල පොලිස්‌ බල ප්‍රදේශයට අයත් වූවක්‌ නිසා ඒ පිළිබඳව මාවනැල්ල පොලිසිය දැනුවත් කරන ලෙසටය. ඒ අනුව මාවනැල්ල පොලිසිය මගින් සිදුකළ විමර්ශනයකදී එවැනි කොල්ල කෑමක්‌ පිළිබඳව සිය පොලිසියට වාර්තා වී නොමැති බවට පවසා ඇත.

මේ අනුව සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කිරිමේදී අනාවරණය වී ඇත්තේ කොල්ල කෑ බව කියන මරුටි මෝටර් රථය කල්බදු ක්‍රමය යටතේ මිලදී ගත් එකක්‌ බවත් ඒ සඳහා රුපියල් තිස්‌පන්දහස්‌ හාරසිය බැගින් වූ මාසික වාරික මුදල් ගෙවා ගත නොහැකිව ඉබ්බාගමුව ප්‍රදේශයේ ඥති නිවසක මෝටර් රිය සඟවා තබා මෙම කොල්ල කෑමේ අසත්‍ය පැමිණිල්ල පොලිසිය වෙත ඉදිරිපත් කොට ඇති බවය. මේ අනුව කොල්ල කෑ බව කියන සඟවා තිබූ මෝටර් රිය මාවනැල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ විසින් සොයා ගෙන සිය භාරයට ගෙන ඇත.

තවද මෙවැනි අසත්‍ය පැමිණිල්ලක්‌ සිදු කොට පොලිසිය නොමඟ යෑවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මව සහ දියණිය පිළිබඳව මාවනැල්ල දිසා හා මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කොට ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට පියවර ගෙන තිබේ.

ගාලු මුහුදින් හදුනා නොගත් යාත්‍රා කොටසක් හමුවේ

September 15th, 2017 Comments off
ගාල්ලට මුහුදු සැතපුම් නවයක් දුරින් මුහුදේ පාවෙමින් තිබූ යානාවක කොටසක් බවට සැක සිතිය හැකි හඳුනා නොගත් වස්තුවක් ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර කාර්මිකයින් පිරිසක් විසින් (14) දහවල් ගොඩබිමට රැගෙන විත් තිබේ.

දිගින් අඩි හතරක් පමණ වන මෙම හඳුනා නොගත් වස්තුව ධීවරයින්ට හමුවන විට පාවෙමින් තිබූ බවද මෙම හඳුනාගොගත් වස්තුව බහුදින යාත්‍රාව මතට ගෙන එහි ඇනිය මත තබාගෙන 14 දහවල් ගොඩබිමට රැගෙන ආ බවද අදාල යාත්‍රාවේ සිටි ධීවර කාර්මිකයෙකු වන සුමිත් ද සිල්වා මහතා අප සමග පැවසීය.

ගාල්ල ධීවර වරායෙන් මුහුදුගොස් අපසු ධීවර වරාය වෙත එමින් සිටි තුශාන් පුතා ධීවර යාත්‍රාවේ සිටි ධීවර කාර්මිකයින් පිරිසකට මෙම හඳුනා නොගත් යානා කොටස හමුව ඇත. මෙම යානා කොටස කුමක්දැයි මෙතෙක් හඳුනාගෙන නොතිබූ අතර ගාල්ල වරාය පොලීසියේ නිළධාරීන්ද මෙම හඳුනානොගත් යානා කොටස තිබූ ස්ථානය වෙත පැමිණ සිටිනු දක්නට ලැබුණි.


වැඩ තහනම් කළ සොහොන් පල්ලන් දෙදෙනා බාගෙට මිනී පිච්චුවේ ඇයි ?

September 14th, 2017 Comments off
ආදාහනය කිරීම සඳහා අනුරාධපුර “නිසල නිම්නය” පොදු සුසාන භූමියට භාරදෙන මළ සිරුරු අඩක් පමණක් පුළුස්සන බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එම සුසාන භූමියේ සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

අනුරාධපුර නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා
වෙත අදහස් දක්වමින් කියා සිටියේ සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි. මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් පවත්නවන බව උතුරුමැද දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති පද්මලාල් සඳුන්ගහවත්ත මහතා පවසනවා.

ඊට සම්බන්ධයෙන් සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස තමා අනුරාධපුර නව කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට නියෝග කළ බවයි හෙතෙම සඳහන් කළේ. අදාළ සුසානභූමියට භාරදෙන මළ සිරුරු අඩක් පමණක් පුළුස්සා වලදමන බවටයි චෝදනා එල්ලවන්නේ. ඒ හේතුවෙන් මළසිරුරු කොටස් සුසානභූමියේ තැනින්තැන පවතින බවට ද ජනතාව චෝදනා කර සිටියා. ගෑස් ඉතිරි කර ගැනීමේ අරමුණින් එලෙස මළ සිරුරු අඩක් පමණක් පුළුස්සන බවටයි අනාවරණ වී ඇත්තේ.



Source : News24

අපගේ පෙර පුවත,

රෑ 12ට මළමිනී බල්ලෝ කන – අනුරාධපුර “නිසල නිම්නය” සුසාන භූමියේ සිදුවන අහස පොළව නුහුලන අපරාධය මෙන්න (සංවේදී දර්ශණ සහිතයි – සංවේදී අය බලන්න එපා ) – VIDEO