Archive

Archive for the ‘අනාවරණ’ Category

ස්වර්ණවාහිනිය ඩොලර් මිලියන 60කට සිංගප්පුරු සමාගමකට..!

December 12th, 2017 Comments off
ස්වර්ණවාහිනී නාලිකාව සිංගප්පුරුවේ ලියාපදිංචි Straits Grid Pte. Ltd. සමාගමට පැවරීමට මේවනවිට තීන්දු කර ඇතැයි මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. මෙම සිංගප්පුරු සමාගමේ හිමිකරු වන්නේ මැලේෂියාවේ පදිංචි සුදීර් නමැති ව්‍යාපාරිකයෙකි. පසුගිය පාලන සමයේ සිදුවූ ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් මෙම සුදීර් නමැත්තා පිළිබඳව මේවනවිටත් පොලිස් විමර්ශනයන් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවසේ.

ETI ෆිනෑන්ස් සමාගම යටතේ ක්‍රියාත්මක වන චිත්‍රපට සමාගම, හෝටල් ව්‍යාපාරය, ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය, ස්වර්ණමහල් ( swarnamahal jewellers ) හා ස්වර්ණමහල් ෆිනෑන්ස් සමගම (swarnamahal financial services) මිලදී ගැනීම සඳහා සිංගප්පුරු සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 60ක මුදලක් ලබාදීමට එකඟත්වය පළකර ඇති අතර මහ බැංකුව ඊට එකඟත්වය පළකර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි. 

දේශපාලන හස්තයක් ?

ස්වර්ණවාහිනිය මෙසේ සිංගප්පුරු සමාගමකට පැවරීම පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවන බවට බරපතල සැකයක් මතුව තිබේ.එම සැකයක හේතුවී ඇත්තේ, ඇමරිකානු ඩොලර් මිලියන 60ක වැඩි මුදලකට මෙම සමාගම මිලදී ගැනීමට ශ්‍රී ලංකාවේ සමාගම් කිහිපයක් ම ඉදිරිපත්ව තිබුනද එම ඉල්ලීම් ඉහලින් ආ නියෝගයක් මත නොසලකා හැරීම නිසාය.

- Sri Lankan Mirror




Categories: අනාවරණ Tags:

ජෙයරාජ් මරන්න 15 ඇග්‍රි වෙලා දුන්නෙ 7 1/2 පොලිස් අධිකාරී කෙනෙක් කියලා

December 11th, 2017 Comments off
ජෙයරාජ් මරන්න 15 ඇග්‍රි වෙලා දුන්නෙ 7 1/2 
පොලිස් අධිකාරී කෙනෙක් කියලා

2008 වසරේ වැලිවේරිය කාන්ති ක්‍රීඩා පිටිය අසල දී මරාගෙන මැරෙන එල් ටි ටි ඊ බෝම්බකරුවෙකුගේ ප්‍රහාරයකින් ජෙයරාජ් අමාත්‍යවරයා ඇතුළු 16 දෙනෙකු ඝාතනයට ලක්වූ සිද්ධියට අදාළ නඩුව අධිකරණයේ විභාග වන අතර විශේෂ කාරණාවක් හෙළිවී තිබේ.

ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමතිවරයා ඝාතනය කළාට රුපියල් ලක්ෂ 15ක් ලැබිය යුතු වුවත්, ලැබුනේ ලක්ෂ හත හමාරක් පමණක් බව එවකට ගම්පහ සහකාර පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ තමන්ට ප්‍රකාශ කළ
බව හිටපු කොටි සාමාජිකයෙකු වූ මොහොමඩ් අලි හසන් අන්සාර් නැමැත්තා අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් පවසා තිබෙයි. මෙම ඝාතනයට අදාළව චෝදනා 31ක් යටතේ ත්‍රස්ත නායකයෙකු වන සෙල්වරාජා තිරුබාකරන් හෙවත් මොරිස් නැමැත්තා, එවකට ගම්පහ සහකාර පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ, කොටි සාමාජිකයෙකු වූ තම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් යන තුන්දෙනාට නීතිපතිවරයා අධි චෝදනා ගොනුකර තිබෙනවා.

පසුගියදා මෙම නඩුවේ සාක්ෂි විභාගයේ දී සාක්ෂි දුන් හිටපු කොටි සාමාජික අලි හසන් අන්සාර් මෙසේ කියා ඇත.

"ත්‍රස්තවාදී ක්‍රියාවකට මා අත්අඩංගුවට පත්ව තිබුනා.2007 වසරේ දී මා ත්‍රස්ත විමර්ශන කඳවුරට යොමු කරන විට මොරිස් අත්අඩංගුවට පත්ව එහි සිටියා. මම මොරිස් හා මිත්‍ර වුනා. ලක්ෂ්මන් කුරේත් එහි සිටියා."

"ඔවුන් මා හා පෞද්ගලික දේවල් හා හැමදේම කිව්වා. ඇමති ජෙයරාජ් ඝාතනය ගැනත් කතා කළා. ඇමති ඝාතනය කළේ සත්‍යම් නමැති කොටි සාමාජිකයා බවත් ඔවුන් කිව්වා."

"ජෙයරාජ් ඇමතිවරයා ඝාතනය සම්බන්ධයෙන් මුදල් ගනුදෙනුවක් වූ බවත් කිව්වා.මොරිස් කිව්වා ඔහුට ලක්ෂ 15ක් ලැබුනා කියලා. මට ලක්ෂ හතහමාරයි ලැබුනේ කියා ලක්ෂ්මන් කුරේ කිව්වා. එහෙම තමයි අපේ
වැඩ කියා මොරිස් එවිට කිව්වා."

නඩුව නැවත ලබන ජනවාරි 09 හා16 කැඳවීමට නියමිතයි.

gossiplankanews.com
Categories: අනාවරණ Tags:

ව්‍යාජ පංදිචිය සහ හැඳුනුම්පත් අංක ඇතුළත් කොට පොහොට්ටුවේ නාමයෝජනා ප්‍රතිකේෂප කිරිමේ කුමන්ත්‍රණයක්.. මෙන්න විසඳුම සියලු විස්තර මැතිවරණ වෙබ් අඩවියෙන්..

December 9th, 2017 Comments off
මේ වනවිට දිවයින පුරා මැතිවරණ උණුසුම ඉහළ යද්දි ආණ්ඩුවේ සියලු උපායමාර්ග වී ඇත්තේ කෙසේ හෝ මහින්දගේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා ලැයිස්තු ප්‍රතිකේෂ්ප කිරිමට උපායමාර්ග සැලසුම් කිරිමයි.

මේ බැව් හෙලිවෙන්නේ කන්ද උඩරට පලාතක ආණ්ඩුවේ සිටින අමාත්‍යවරයෙකුගේ ආධාරකරුවෙකුගෙනි. එබැවින් දිවයිනේ සෑම ඡන්දදායයකුගේම අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය සියලු දත්ත සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයන් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් මේ වනවිට ස්වාධීන මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට පිවිසීමෙන් තහවුරු කර ගත හැකිය.

ඒ අනුව පහත සඳහන් උපදෙස් අනුව දිවයිනේ ඕනම ප්‍රදේශය වෙසෙන ඡන්දදායකුගේ අනන්‍යතාවය තහවුරු කර ගත හැකිය. මේ සඳහා ඕනම පරිඝණකයක් හෝ ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කොට ගූගල් පිටුවට ඇතුල් වී,

1. ස්වාධීන මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියය පිවිසීම link
2. අවශ්‍ය භාෂාව තෝරා ගැනිම සඳහා, සිංහල,දෙමළ, ඉංග්‍රීසි මත ක්ලික් කරන්න.
3. එම පිටුවේ වම්පස 3 වෙනුවට සඳහන් කොට ඇති ඡන්දහිමි “නාම ලේඛනය 2017″ මත ක්ලික් කරන්න.
4. එහිදි මැතිවරණ e සේවා පිටුව දිස්වේ.
5. එම පිටුවේ ” පලාත් පාලන ඡන්ද හිමි ලියාපදිංචි විස්තරය” ප්‍රතිශොධන 2017 සඳහන් අවශ්‍ය තොරතුරු කොටු පුරවන්න,
අ) ශ්‍රි.ල.හැ.අ./ ජා.හැ.අ: උදා. **********v
ආ) පරිපාලන දිස්ත්‍රික්කය: උදා, කොළඹ
ඇ) ඉන් පසුව පහලින් ඇති කොටුවේ ” පහතින් දැක්වෙන කේතය ඇතුලත් කරන්න” ලෙස අංකයක් ලබාදි ඇති අතර එය නිසි පරිදි එම කොටුව තුලට ඇතුලත් කරන්න.
ඉ) ඉන් පසුව ඊට පහලින් ඇති කොටුවේ ” පෙන්වන්න” ක්ලික් කිරීමෙන් ඔබගේ පහත සඳහන් සියලුම විස්තර ලබාගැනීමට හැකිය.

1.සම්පූර්ණ නම වාසගම සහිතව, 2. ශ්‍රීලංකා හැදුනුම්පත් අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය, 3.පරිපාලන දිස්ත්‍රික්ය 4.පලාත් පාලන ආයතනය, කොට්ඨාස අංකය හා නම 5.ඡන්ද කොට්ඨාස අංකය හා අක්ෂරය,6. අනුක්‍රමික අංකය, 7. ග්‍රාම නිලධාරි කොට්ඨාසය, 8. ගම/වීදිය. 9.ගෘහ අංකය

ඒ අනුව මෙම විස්තර ලබාගැනිමට නොහැකි නම් මැතිවරණ කොමිසම එහි සඳහන් අංක අනුව අමතන්න, මෙහි නම සහ විස්තර සඳහන් නොමැති කිසිවකුට එලබෙන පලාත් පාලන මැතිවරණයේ දි ඡන්දය ඉල්ලිමට හෝ ප්‍රකාශ කිරිමට නොහැකිය.
Categories: අනාවරණ Tags:

අජන්ත මෙන්ඩිස්ව කණ්ඩායමෙන් එලවන්න ආරක්ෂක අමාත්‍යංශයට ලියුම් ලියලා..සියලු විස්තර මෙන්න

December 9th, 2017 Comments off
කලාකරුවන් කිහිප දෙනෙක් පසුගිය යුද සමයේ  හමුදාවට බැඳී කටයුතු කිරීම පිළිබඳව මේවනවිට අන්තර්ජාල මාධ්‍ය තුල දැඩිව කතාබහට ලක්වෙනවා.මේ පිළිබඳව වන ආරක්ෂක අමාත්‍යංශයේ ලිපියක් ද සමාජ මාධ්‍ය වෙත නිකුත්ව තිබුණා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් යුධ සමයේ අජන්ත මෙන්ඩිස්ව කණ්ඩායමෙන් ඉවත් කිරීම සඳහා කළ උත්සාහයක් පිළිබඳව ද ආරක්ෂක අමාත්‍යංශයෙන් තොරතුරු වාර්තා වනවා.

අජන්ත මෙන්ඩිස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් තමන්ට තර්ජන එල්ල විය හැකි බැවින් ඔහුව කණ්ඩායමෙන් ඉවත් කරන ලෙසයි කණ්ඩායමේ  ක්‍රීඩකයන් ලිඛිතව ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත්තේ. එහෙත් ඊට ආරක්ෂක අමාත්‍යංශයෙන් එකඟතාව ලැබී නොමැති අතර අමාත්‍යංශයේ ප්‍රබල නිලධාරියෙකු දැනුම් දී ඇත්තේ ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.

ශ්‍රී ලංකාව නියෝජනය කළ ලෝක මට්ටමේ සුපිරි ක්‍රීඩකයන් රැසක් ද ඒ වනවිට කණ්ඩායමට ඇතුළත්ව සිටියා. කෙසේ වෙතත් තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩකයා  අජන්ත මෙන්ඩිස්ව කණ්ඩායමෙන් ඉවත් කිරීමේ උත්සාහයට දැඩිව විරුද්ධ වී තිබෙනවා.
Categories: අනාවරණ Tags:

අජන්ත මෙන්ඩිස්ව කණ්ඩායමෙන් එලවන්න ආරක්ෂක අමාත්‍යංශයට ලියුම් ලියලා..සියලු විස්තර මෙන්න

December 9th, 2017 Comments off
කලාකරුවන් කිහිප දෙනෙක් පසුගිය යුද සමයේ  හමුදාවට බැඳී කටයුතු කිරීම පිළිබඳව මේවනවිට අන්තර්ජාල මාධ්‍ය තුල දැඩිව කතාබහට ලක්වෙනවා.මේ පිළිබඳව වන ආරක්ෂක අමාත්‍යංශයේ ලිපියක් ද සමාජ මාධ්‍ය වෙත නිකුත්ව තිබුණා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් යුධ සමයේ අජන්ත මෙන්ඩිස්ව කණ්ඩායමෙන් ඉවත් කිරීම සඳහා කළ උත්සාහයක් පිළිබඳව ද ආරක්ෂක අමාත්‍යංශයෙන් තොරතුරු වාර්තා වනවා.

අජන්ත මෙන්ඩිස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් තමන්ට තර්ජන එල්ල විය හැකි බැවින් ඔහුව කණ්ඩායමෙන් ඉවත් කරන ලෙසයි කණ්ඩායමේ  ක්‍රීඩකයන් ලිඛිතව ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත්තේ. එහෙත් ඊට ආරක්ෂක අමාත්‍යංශයෙන් එකඟතාව ලැබී නොමැති අතර අමාත්‍යංශයේ ප්‍රබල නිලධාරියෙකු දැනුම් දී ඇත්තේ ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.

ශ්‍රී ලංකාව නියෝජනය කළ ලෝක මට්ටමේ සුපිරි ක්‍රීඩකයන් රැසක් ද ඒ වනවිට කණ්ඩායමට ඇතුළත්ව සිටියා. කෙසේ වෙතත් තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩකයා  අජන්ත මෙන්ඩිස්ව කණ්ඩායමෙන් ඉවත් කිරීමේ උත්සාහයට දැඩිව විරුද්ධ වී තිබෙනවා.
Categories: අනාවරණ Tags:

එඩේරමුල්ල “අක්බාර් ටවුන්” වෙයි…. ප්‍රදේශය නොසන්සුන්… මහ ගැටුමක් ඇරඹෙන ලකුණු..!

December 8th, 2017 Comments off
මහර ප්‍රාදේශීයසභා බල ප්‍රදේශයට අයත් “එඩේරමුල්ල” නගරයේ නාමය “අක්බර් ටවුන්” ලෙස වෙනස් කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවයක් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වනවා.

එම ප්‍රදේශයේ සිංහල පවුල් 4000කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන බවත්, මුස්ලිම් පවුල් පදිංචිව සිටින්නේ 500කටත් අඩු ප්‍රමාණයක් බවත්, එසේ තිබියදී අන්තවාදී ඇමතිවරයෙකුගේ උවමනාව මත ප්‍රදේශයේ නම වෙනස් කර ගැසට් කර ඇති බවත් ඊයේ (7) රාත්‍රිෙය් එඩේරමුල්ල පල්ලිය අසලට එක්වූ ජනතාව චෝදනා කර ඇත.
Categories: අනාවරණ Tags:

ශ‍්‍රී ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හතර තුලට වැටේ.. ලංකාව ඉදිරියෙන් නයිජීරියාව, ටියුනීසීයව, යුක්‍රේරේනය පමණයි.. මෙන්න වාර්තාව..

December 7th, 2017 Comments off
වර්ල්ඩ් ගෝලෝබල් ෆෝරම් විසින් කරනු ලැබූ සමීක්ෂණයක් අනුව ලොවා දූෂිතම රටවල් හතරක් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව ශ්‍රීලංකාව, ටියුනීසීයව, නයිජීරියාව, යුක්‍රේරේනය ලෝකයේ දුෂිතම රටවල් ලෙස නම් කොට ඇත.

මේ සඳහා මෙම තත්ත්වක් සොයා බලා පිලියම් යෙදිමට විශේෂ නියෝජිතයෙක් ඇමරිකාව විසින් පත් කිරිමට නියමිතව ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි. යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 වෙනිදා බලයට පත් වූ අතර ඊට මාසය දෙකකට පසු එනම් පෙබරවාරියේ දි මෙරට ඉතිහාසයේ සිදු වු විශාලතම මූල්‍ය වංචාව මහා බැංකුවේ භාණ්ඩාගාර බැදුම්කරය හරහා සිදු විය.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේද මේ බව දැක්වෙයි. යොමුව මෙතනින්

මෙම පුවත ඊයේ දින අයිලන්ඞ් පුවත්පතේ පල විය. එම යොමුව මෙතනින්
Categories: අනාවරණ Tags:

රාජගිරියේ කුලියට ගත් හිස් ගොඩනැගිල්ල සල්ලි ගිලියි .. තවත් කෝට් හය හමාරක්!

December 7th, 2017 Comments off
කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කුලියට ගත්තත් මෙතෙක් පාවිච්චියට නොගත් රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු කුලී සහ පළාත් පාලන බදු ඇතුළු වියදම් සඳහා වන රුපියල් 6,60,40,000 ක මුදලක් ලබාගැනීම සඳහාවන පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි.රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු කුලී හා පළාත් පාලන ආයතන බදු වියදම් සඳහා අතිරේක ප‍්‍රතිපාදන සපයා ගැනීමට රුපියල් හය කෝටි හැට ලක්‍ෂ හතළිස් දහසක මුදලක් ද වාහන ලබා ගැනීමට අට ලක්‍ෂයක මුදලක් ද කෘෂිකර්ම හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය වෙනුවෙන් අතිරේක ප‍්‍රතිපාදන සැපයීමට හය කෝටියක් ද මෙම පරිපූරකය මගින් ඉල්ලා ඇත.
Categories: අනාවරණ Tags: