Archive

Archive for August 12th, 2017

සුප්‍රීම් සැට් රොකට් යැවීම ගැන අහන්න රෝහිත රාජපක්ෂ FCID යට

August 12th, 2017 Comments off
 චීනයේදී කක්ෂගත කළ බව කියන සුප්‍රීම් සැට් - 1 (SupremeSAT-I) චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලපුත් රෝහිත රාජපක්ෂ (චිචී) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන

කොට්ඨාසයට කැඳවීමට නියමිත බව වාර්තා රෝහිත සුප්‍රීම් සමාගමේ තාක්ෂණික කණ්ඩායමේ ප්‍රධාන ඉංජිනේරුවා ලෙස කටයුතු කර ඇති බව එකල මාධ්‍ය වාර්තා වල දැක්වුනි.

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට ඩොලර් මිලියන 320 ක් වියදම් කර ඇති බවද මාධ්‍ය වාර්තා
කර තිබිණි. මේ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හා විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය නොලැබුණ බවත්, රජයේ මුදල් රුපියල් මිලියන 500ක් ඒ වෙනුවෙන් වියදම් කර ඇති බවත් වරක් එජාප හිටපු මහලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබිණි.



Categories: ප්‍රවෘත්ති Tags:

උසස් පෙළ සිසුන්ට ටැබ් ලබාදීම ලබන වාරයේදී

August 12th, 2017 Comments off
උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීම හා සෑම පාසල් සිසුවකුටම රුපියල් ලක්ෂ 2 ක රක්ෂණාවරණයක් ලබාදීම ලබන පාසල් වාරය ආරම්භ වන විට සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පසුගිය අයවැය යෝජනාවලියේ කොටසක් වශයෙන් මෙය ක්‍රියාත්මක වෙයි. ගුරුවරුන් 28000කට හා උසස් පෙළ සිසුන් 175000කට මේ ලෙස ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීමට නියමිත අතර එහි නියමු ව්‍යාපෘතිය ලබන පාසල් වාරය ආරම්භ වන විට සිදු කෙරෙයි.


පාසල් විෂය කරුණු ඇතුළත් කර සිසුන් අතට පත් කරන මේ ටැබ් පරිගණක යන්ත්‍ර මඟින් ඩොංගල් භාවිත කර අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට නොහැකි වන අතර, වයිෆයි පහසුකම් ඇති අවස්ථාවන්හිදීද භාවිත කළ හැකි වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්දේශිත වෙබ් අඩවි පමණි. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හරහා අවශ්‍ය පාඩම් හා අධ්‍යාපන වැඩසටහන් බාගත කරගත හැකි පරිදි අධ්‍යාපන නිල වෙබ් අඩවියද නවීකරණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

මේ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ හා ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසකගෙන් යුතු කමිටුවක් මඟින් අවශ්‍ය සංශෝධන සිදු කිරීමට නියමිත ය. මේ හා සමගාමිව සියලු පාසල්වලට අන්තර්ජාල පහසුකම් මෙන්ම වයිෆයි පහසුකම්ද ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වන අතර, ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීම දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමටද බලාපොරොත්තු වෙයි. සිසුන්ට ලබාදෙන මේ ටැබ් පරිගණකය නැවත ලබාගැනීමක් සිදු නොකරන අතර, අවසානයේ එය සිසුන්ට තබාගැනීමට හැකි වන බව අමාත්‍යාංශ නිලධාරියෙක් සඳහන් කළේය.

(සුභාෂිණි ජයරත්න)
Categories: ප්‍රවෘත්ති Tags:

රජයේ වාණිජ ව්‍යාපාර 16ක් ‘සුදු අලි’ – මංගල

August 12th, 2017 Comments off
බලශක්ති, බැංකු, නාවික කටයුතු වැනි මූලික අංශ නියෝජනය කරන රජය සතු ඉතා වැදගත් වාණිජ ව්‍යාපාර 55 න් ලාබ ලබනුයේ 39 ක් පමණක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. රාජ්‍ය වාණිජ ව්‍යාපාර හැකි තරම් ලාබදායි ඒවා බවට පත් කොට රටට ලැබෙන බදු හා ලාභාංශ මුදල් වැඩිකර ගැනීම රජයේ ඉලක්කයක් බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

රජය සතුව රාජ්‍ය ව්‍යාපාර 400ක් පමණ ඇතැයි ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අනාවරණය කොට තිබේ. මේ ව්‍යාපාරයන් අතුරින් 55ක් ඉතා වැදගත් වාණිජ්‍ය ව්‍යාපාර ලෙස ද 345ක් වාණිජමය නොවන රාජ්‍ය ව්‍යාපාර ලෙස ද හඳුන්වන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි. රජය සතු ඉතා වැදගත් වාණිජ ව්‍යාපාර 55න් 39ක් ලාභදායි වන අතර, 16ක් අලාභදායිව පවත්වාගෙන යනු ලැබේ.

මං බබාව හදන්නෙ ලංකාවෙදී දිගු කලකට පසු ඇමරිකාවේ සිට ආ අනර්කලී කථා කරයි

August 12th, 2017 Comments off

මං බබාව හදන්නෙ ලංකාවෙදී
දිගු කලකට පසු ඇමරිකාවේ සිට ආ
අනර්කලී කථා කරයි


මින් වසර කිහිපයකට පෙර 2015 විවාහයත් සමගම ඇමරිකාවේ පදිංචියට ගිය ප්‍රකට නිළි අනර්කලී ආකර්ෂා දිගු කලකට පසු ලංකාවට පැමිණ තිබේ.
සැමියා සහ මව සමග ලංකාවට ආ අනර්කලි පසුගිය දිනවල රටපුරා සංචාරය කරන ලද අතර සිය උපන්දින සාදය කොළඹ අවන්හලකදී සමරා ඇත්තේ ඉතා සමීප කලාකරුවන් කිහිපදෙනෙකුට ආරාධනා කරගෙනයි.
ඇය පුවත්පතක් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා ඇත්තේ
ඇමරිකාවේ වෙනස් සංස්කෘතිය අත්දකිමින් සිටියත් ලංකාවට තවමත් ඇළුම් කරන බවත් කවදා හෝ දරුවෙකු ලද පසු ලංකාවේ පදිංචියට එනබවත්ය.


අනර්කලී, විශේෂ හේතුවකට ද ඔබ ලංකාවට එන්නේ?

ඒක විශේෂ හේතුවක් නෙවෙයි. විශේෂ හේතු ගණනාවක්ම තියෙනවා. මගේ හස්බන්ඩ් දිග කාලයක් අමෙරිකාවේ ජීවත් වුණේ. මට ඔහුට මගේ රටේ බියුටි එක ගැන පෙන්වන්න ඕනෑ වුණා. ඒ වගේම මැරේජ් එකෙන් පස්සේ අපි ලොකු කාලයක් ලංකාවේ ගත කළේ නැහැ. මේ පාර ආවේ එහෙම ලෝන්ග් හොලිඩේ එකක් ලංකවේ ගත කරලා හස්බන්ඩ් එක්ක රට වටේම යන්න.

කොහෙ කොහෙද ගියේ?

අපි ගියා නුවර, නුවරඑළිය, ගාල්ල ආදි බොහෝ තැන්වලට අප ගියා.

ඒ අතරින් හස්බන්ඩ්ගේ වඩාත් සිත් ගත්තේ කොහේද?

නුවරඑළියට ඔහු ගොඩක් ආස වුණා.

කවදද ඔබ ලංකාවෙන් ගියේ?

ටූ තවුසන් ෆිෆ්ටීන්වල වගේ.

කොහොමද අමෙරිකාවේ ගත කළ ජීවිතය ඔබට දැනුණේ?

අමෙරිකාව හරි වෙනස්. හරිම වේගවත් රටක්. කාලය ඉක්මනින් ගත වෙනවා වගේ දැනෙනවා. සංස්කෘතියත් වෙනස්. හරිම විවෘතයි ඒ රටේ මිනිස්සු. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න අයිතියක් තියෙනවා. කවුරුවත් ඒවා දිහා වැරැදි ඇහෙන් බලන්නේ නැහැ. එහෙ අය විවේචනය කරන එක අඩුයි. ඇත්ත කතා කරන්න බය වෙන්නේ නැහැ. මං ඔය දේවල් කිව්වේ අමෙරිකාව ගුඩ් කියලා කියන්න නෙවෙයි. වෙනස පහදන්න ඕන නිසා. අමෙරිකාව කොච්චර වෙනස් වුණත් මට ලංකාවට නම් සමාන කරන්න බැහැ.

ලංකාව ගොඩක් මතක් වෙනවා වගෙයි?

ගොඩාක් මතක් වෙනවා. මං හීනෙකින්වත් හිතුවේ නැහැ මං වෙනත් රටක පදිංචි වෙන්න වේවි කියලා. ලංකාවේ ජීවත් වෙන්නයි මං බලාපොරොත්තු වුණේ. නමුත් මට යන්න වුණා. කොච්චර දුරක හිටියත් මං ලංකාවේ හිතින් ජීවත් වෙනවා.

මෙවර ලංකාවට ආවහම රංගනයට ආරාධනා ලැබුණේ නැතිද?

රංගනයට නම් නිරන්තරයෙන් ආරාධනා ලැබෙනවා. ටෙලි නාට්‍යවලට වඩා මං ආසාවෙන් ඉන්නේ චිත්‍රපටවල රඟපාන්න. චිත්‍රපටයකට කතා කරලා තියෙනවා. ඒ හින්දා ලබන ඩිසෙම්බර්වල ලංකාවට ආයෙත් එන්න හිතාගෙන ඉන්නවා.

ඒ වගේම ඔබ චිත්‍රපටයක් නිෂ්පාදනයටත් අත තියන්නට සුදානම් වනවග දැනගන්නට ලැබුණා?

ඔව්. මට ලොකු වුවමනාවක් තියෙනවා සිංහල සිනමාව වෙනුවෙන් යමක් කරන්න. ඒ අදහසින් තමයි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න හදන්නේ. ඒකත් ලබන වසරේදී සිදුවේවි.

අමෙරිකාවේදී ඔබට අපේ සංස්කෘතියෙහි වටිනාකම හුඟක් දැනෙන්නට ඇති?

අමෙරිකාවේදි විතරක් නෙෙයි මම ලංකවේ ඉන්න කොටත් අපේ සංස්කෘතිය ගැන දැනගන්නට දැඩි වුවමනාවක් සහ උනන්දුවක් තිබුණා.

එහෙත් ඔබ ඉගෙන ගත්තේ ජාත්‍යන්තර පාසලක නේද?

ඒක මට ලොකු ගැටලුවක් වුණා. පාසලේදි මට කතා කරන්නට වුණේ ඉංග්‍රීසියෙන්. ජීවිතේ ගෙවුණෙත් අමුතු පරිසරයක. ඒකෙන් පිටතට අවාම පිටත අමුතු ලෝකයක් තියෙනවා කියලා හිතුණා. ඒ ලෝකය සුන්දරයි කියලත් හිතුණා. මං අම්මගෙන් ඒ ගැන ඇහැව්වා. අම්මා හරහා මං අපේ සංස්කෘතිය ගැන ඉගෙන ගත්තා. ඒ කාලේ මට හරියට සිංහල බැහැ. හරියට නෙවෙයි පොඩ්ඩක්වත් බැහැ. නමුත් මං ටික ටික සිංහල ඉගෙන ගත්තා. අපේ සිනමාවට ජොයින් වුණෙත් අපේ සිංහලකමට ආස නිසා.

අමෙරිකාවේ ඉන්න අයට අපගේ සංස්කෘතියේ වටිනාකම කියාදෙන වැඩ පිළිවෙළක් ඔබ විසින් ක්‍රියාත්මක කරන බවක් දැනගන්න ලැබුණා?

මම නෙවෙයි එහි මූලිකත්වය ගත්තේ. මගේ හස්බන්ඩ්. මම ඔහුගේ පිටුපසින් ඉන්නවා මේ සියලු වැඩ සක්සස් කරගන්න. අමෙරිකාවේ අප විසින් ශ්‍රී ලංකා ෆවුන්ඩේෂන් කියලා පදනමක් පවත්වාගෙන යනවා. හස්බන්ඩ් තමයි සභාපති. අමෙරිකාවේ ඉන්න අය හිතාගෙන ඉන්නේ ලංකාව ඉන්දියාවේම කොටසක් කියලා අප ඒ මතයත් නිවැරිදි කරමිනුයි සිටින්නේ. පහුගිය දිනක අප පදනම මඟින් ශ්‍රී ලංකා ඩේ කියලා ලොකු වැඩටහනක් පැවැත්වූවා. ලංකාවේ සංස්කෘතික අංග එහි ප්‍රදර්ශනය කළා. ඒ වගේම ලංකවේ කෑම ජාති අපි හැදුවා. ඒකට අටදාහක් පමණ ප්‍රමාණයක් මිනිස්සු සහභාගි වුණා. එච්චර සෙනඟක් එම වැඩසටහනකට ගෙන්වා ගන්න ඇමරිකාවේදී හරිම අමාරුයි. නමුත් අපි ඒක කළා. ලොකු පිම්මක් පැන්නේ.

ඔබ අසල්වාසී අමෙරිකානුවන් ලංකාව ගැන මොන වගේ අදහසකින්ද ඉන්නේ?

මට හමුවෙලා තියෙනවා ලංකාවට ආව ඇමරිකානුවන්. ඔවුන් ලංකාව ගැන කතා කරන්නේ හරිම ආසාවෙන්. නිතරම හිනාවෙලා ඉන්න මිනිස්සු කොට්ඨාසයක් ඉන්න රටක් කියලයි කියන්නේ.

අමෙරිකාවේ ජීවත්වෙනවා අපේ කලාකරුවන් කිහිප දෙනෙක්. ඔවුන් මුණ ගැසුණේ නැතිද?

අමෙරිකාව කියන්නේ විශාල රටක්නේ. අපි ඉන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයේ. අනෙක් ආර්ටිස්ලා දුර දුර පැතිවල ඉන්නේ. මට ප්ලේන් එකක් අරන් තමයි ඔවුන්ව මීට් වෙන්න යන්න වෙන්නේ.

අනර්කලී මෙවර ලංකාවට ආවම දැනුන ද ඔබ පෙර වගේම ජනප්‍රියයි කියලා?

ඔව්. මට තියෙන්නේ ජනප්‍රියත්වයට වඩා ආදරයක්. මගේ ෆෑන්ලා මට හරි ආදරෙයි මං මුලින්ම සම්බන්ධ වුණේ ඉටිපහන් ටෙලි නාට්‍යයට. එදා ඉඳලා මට හොඳ පිළිගැනීමක් තියෙනවා. මට හිතෙනවා තාමත් ඒ පිළිගැනීම තියෙනවා කියලා.

ඔබ කතාබහ කරන ස්ටයිල් එකට ඒ කාලේ විවිධ දෙනා විවිධ කතා කිව්වා?

ඒ මගේ හැටි. මං බොරුවට මවාපාපු එකක් නෙවෙයි. අද වන විට මං දැකලා තියෙනවා මගේ ඒ ස්ටයිල් එක වෙන අය අනුකරණය කරනවා.

 පෙම්වතියගේ චරිතය රඟපාන්න ආයෙත් ඔබ සූදානම්ද?

අනිවාර්යයෙන්ම පෙම්වතියගේ චරිතය නෙවෙයි මට සුදුසු ඕනෑම චරිතයක් රඟපාන්න මම ලැහැස්තියි.

ඔබේ අතින් ද හස්බන්ඩ්ට අමෙරිකාවේදී කෑම උයන්නේ?

අමෙරිකාවේදී බොහෝ විට තමන්ගේ වැඩ තනිවම කරගන්න වෙනවා. උයන වැඩේ වුණත් එහෙමයි. මට දැන් ඉස්සරට වඩා හොඳට උයන්න පුළුවන්. ලංකාවේ ඉන්න කොට ටික ටික ඉව්වා. දැන් රසට උයනවා. හබී කන්නෙත් මං උයන ඒවා තමයි.

මවක් වෙන්න දන්මම බලාපොරොත්තුවක් නැතිද?

මං ළමයින්ට හුඟක් ආසයි කියලා මගේ හිතවත් අය දන්නවා. ඇත්තටම මං ළමයින්ට ආදරෙයි. ඒත් මං දැන්මම මවක් නෙවේවි. මොකද තවම ඒ ගැන හිතලා නැති නිසා. මවක් වෙන්න පෙරුම් පුරන්න තව ටික කාලයක් යාවි.

කවදා හරි මවක් වුණ දවසටත් ඔබ අමෙරිකාවේද ජීවත් වන්නේ?

අපෝ නැහැ. මවක් වුණ ගමන් මං බබත් එක්ක ලංකාවට එනවා. බබාව හදන්න ඕනෑ ලංකාවේ සංස්කෘතියට අනුව. ලංකාව ගැන ඔක්කොම කියා දෙන ගමන් මං බබාව ලංකාවේ හදනවා.

සටහන - ප්‍රසාද් සමරතුංග
ඡායාරූප - නදුන් බදුගේ


අනර්කලී කොළඹදී සැමරූ උපන්දින සාදයේ සහ ලංකාවේ සංචාරය අතරතුර ඡායාරූප කිහිපයක් පහතින්
http://ift.tt/2vwTia3
Categories: ඕපාදුප Tags:

මරපු හැටියි වටේම රත් කරපු අසභ්‍ය වීඩියෝ එක එළියට ආපු හැටියි ඕෂධී ප්‍රසිද්ධියේ හෙළිකරයි

August 12th, 2017 Comments off
ආශාවරී සින්දුවත් එක්ක හිට් වෙච්ච ඕෂධී ලංකාවේ ටොප් මොඩ්ල් කෙනෙක්. ඊට පස්සේ වස්සානේ සඳ චිත්‍රපටය හින්දා සිනමාවටත් අඩිය තිබ්බා. අඩිය අඩිය තියලා නඟින ඕෂධී කරපු කතාබහක් තමයි මේ.

ඕෂධී ආශාවරී හරහා ලබපු ජනප්‍රියත්වය හින්දාම ගොඩක් ඇය ඒ නමින්ම කතා කරවලු නේද ?

ඔව්. ආශාවරී කියන නම ගොඩක් අය කියනවා.

ඕෂධීගේ හිට් එක දැන් ගොඩක් අය වැරදි විදියට ගන්නවා කියලා ආරන්චියි?

මම දැන් වැඩිපුර මියුසික් වීඩියෝ කරන්නේ නැහැ. පසුගිය දවසකත් මියුසික් වීඩියෝ එකක රඟපාලා ලොකු කරදරයක් වුණා.


අර මැරිලා කියලා පළවෙච්ච පොස්ට් එකද ?

ඒ සිද්ධිය හින්දා අපේ ගෙදර අයත් කලබල වුණා. මම මොඩ්ලින්වලට ඇවිත් අවුරුදු හතක් විතර වෙනවා. ඊට පස්සේ රඟපෑමට අවා. මේ වගේ සිද්ධියක් වෙච්ච මුල්ම වතාව මේක. මං ගැනම මරණ දැන්වීමක් හදලා පොටෝ විතරක් තියෙත්දි රසිකයෝ පවා බලවෙලා මට කෝල් කරලා තිබුණා.

සමහර නිළියෝ නම් මෙහෙම ගොසිප් ගහනවට කැමතියි කියන්නේ ?

එහෙම අයත් ඇති. එත් මම එකට කැමති නෑ. අපි කරපු නිර්මාණයේ ෆොටෝ පළ කරලා වීඩියෝ එක ප්‍රමෝට් කර ගන්න එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මාව අමු අමුවේ මරවපු එක වැරදියි. අඩුම තරමේ ඒ ප්‍රඩක්ෂන් ටීම් එක මගෙන් ඕක අහන්න තිබුණා. ඊට පස්සේ එක කොපි කරලා අනිත් ගොස්ප්වලත් දාලා තිබුණා.

ඉතිං ඔයා එයාලට කතා කලාද ?

ඔව්. එයාලා ඒක අයින් කරගත්තා හැබැයි වෙන්න තියෙන දෙ වෙලා ඉවරයි.

ඒ සිද්ධිය වෙලා ටික දවසකින් ඔයාගේ කියලා අසභ්‍ය වීඩියෝ එකක් අවා ?

ඒක මගේ නමට ලොකු කැල්ලක් කරපු සිද්ධියක්. ඇත්තටම මගේ ගෙදර අය, රසිකයෝ හැමෝම දන්නවා ඒ මම නෙවෙයි කියලා.

ගොඩක් අය කියන්නේ ඒ වීඩියෝ එකේ ඉන්න කෙනයි, ඕෂධීයි සමානයි කියලා ?

මීට අවුරුදු හතරකට, පහකට කලින් මගේ මුහුණේ වම්පැත්තට එයාට ගොඩක් සමානයි. හැබැයි එතැන ඉන්නේ මම නෙවෙයි. කවුරු මේ දෙ කළත් මම මේ වීඩියෝ එකේ මුල් වීඩියෝ එක හොයාගත්තා. එක 2008 අවුරුද්දේ කොල්ම්බියානු එක්තරා අසභ්‍ය වීඩියෝ සයිට් එකක පළවෙච්ච එකක්. ගොසිප් අඩවි පේජ් මේකේ ඉන්නේ කවුද කියලා හරියටම දැනගෙන ශෙයා කළේ මට මඩ ගහන්න. මේ හින්දම දැන් දැන් ඒ සයිට් විශ්වාසය අඩු කළා.

හැබැයි හොසිප් හැමෝම බලනවා නේද ?

ඔව්. හැබැයි ගොඩක් සයිට් පත්තරේ යන එකක් වුණත් හෙඩිම වෙනස් කරලා සංස්කරණය කරලා වෙබ්වල දාන්නේ. ඉතිං ගොඩක් අය ඒවා ගැන වැරදි වැටහීම් ගන්නවා. මම ආශාවරී වෙනුවෙන් වෙනස් විදියේ රංගනයක් කළා තමයි. එත් මේක නම් තනිකරම මාව නැති අක්රන්න කරපු දෙයක්.

ජනයුගය – 2017.08.12
Categories: ඕපාදුප Tags:

මත්තල ගුවන්තොටුපළෙහි මෙහෙයුම් කටයුතු ඉන්දියාවට!

August 12th, 2017 Comments off
පාඩු ලබමින් පවත්වාගෙන යන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු රජයෙන් කැමැත්ත පල වී තිබේ. 

මත්තල, රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි වාණිජ ගුවන් සේවා, ගුවන් යානා නඩත්තුව, අලුත්වැඩියාව, පියාසර පාසල් මෙන්ම මෙහෙයුම්, කළමනාකරණය, නඩත්තුව හා සංවර්ධනය යන අංශ කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරේ. මෙම යෝජනාව සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ, අමාත්‍යාංශ ලේකම්වරුන්‍ කිහිපදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට නියමිත වේ. 

මත්තල ගුවන්තොටුපළේ 2016 දෙසැම්බර් 31 දින වන විට පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 112.9ක් (රුපියල් මිලියන 15,600ක්) වේ. මෙම ගුවන්තොටුපළ රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර ආකෘතිය යටතේ ඉහළ ආදායම් ලබන ගුවන්තොටුපළක් බවට පත් කිරීමේ අරමුණින් එම ගුවන්තොටුපළෙහි ගුවන් සේවා හා සම්බන්ධ ව්‍යාපාර සදහා ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවා තිබුණි.
Categories: ප්‍රවෘත්ති Tags:

“පොන්ටින් – අෆ්රිඩි එකට එක්ව ශ්‍රී ලංකාවට අභියෝග කරයි” – ශ්‍රී ලංකාව රැක ගන්න දිල්ශාන් – සංගා – මහේල යළි පිටියට ?

August 12th, 2017 Comments off
කුමාර් සංගක්කාර , මහේල ජයවර්දන හා තිලකරත්න දිල්ශාන් වැනි ශ්‍රී ලංකාව නියෝජන‍ය කල සුපිරි ක්‍රීඩකයන් තවත් වරක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරනු දැක ගැනීමට රසිකයන්ට බොහො දුරට හැකි වනු ඇති බවට අපිට වාර්තා වෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ක්‍රිකට් ඒඩ්’ වැඩසටහන මගින් සංවිධානය කරනු ලබන විශේෂ ක්‍රිකට් තරගයකදි. 

පසුගිය දිනවල ශ්‍රී ලංකාවට දැඩිව බලපෑ ස්වාභාවික විපත් වලට මුහුණදුන් පවුල්වල ළමුන් වෙනුවෙන් අරමුදල් රැස්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ක්‍රිකට් ඒඩ්’ වැඩසටහන මගින් විශේෂ ක්‍රිකට් තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ලෝක ක්‍රිකට් කණ්ඩායම්වල සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ක්‍රිකට් කණ්ඩායමක් හා ශ්‍රී ලංකාවේ වත්මන් හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් අතර මෙම තරගය පැවැත්වීමට නියමිතය.

සැප්තැම්බර් මස 8 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ, රාත්‍රී විස්සයි විස්ස තරගයක් ලෙස මෙය පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා. එම ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේ පකිස්තානය, බංගලාදේශය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය මෙම තරගය සඳහා ක්‍රීඩකයන් එවීමට එකගවී ඇති බවය. ඕස්ට්‍රේලියානු පිලේ හිටපු නායක රිකි පොංටින් සහ පකිස්ථාන පිලේ හිටපු නායකයන් වන සහිඩ් අෆ්රිඩි හා මිස්බා උල් හක් යන ක්‍රීඩකයන්ටද මෙම තරගයට එක්වන ලෙස ආරාධනා කර තිබේ.

ඊට අමතරව දකුණු අප්‍රිකාවේ ෆාෆ් ඩු ප්ලේසි, ඩේවිඩ් මිලර්, බංගලාදේශයේ මහ්මදුල්ලා, නාසීර් හුසේන්, නවසීලන්තයේ ග්‍රාන්ට් එලියට් සහ ලුක් රොන්චි ද මෙම තරගයට එක්වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වෙයි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දැන් පැවැත්වෙන තරග සංචාරය සැප්තැම්බර් 6 වැනිදා විස්සයි විස්ස තරගයකින් අවසන් වන අතර එම විස්සයි විස්ස තරගය ක්‍රීඩා කරන ඉන්දීය ක්‍රීඩකයන් කිහිපදෙනකු මෙම තරගය සඳහා ක්‍රීඩා කරවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දීය පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් හා සුපිරි ක්‍රීඩකයන් කිහිපදෙනෙකුටද මෙම තරගයේ ශ්‍රී ලංකා XI කණ්ඩායම නියෝජනය කර ක්‍රීඩා කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කර තිබේ. මෙම තරගයෙන් ලැබෙන සම්පුර්ණ ආදායම පසුගිය කාලයේ ගංවතුර හා වත්මන් නියඟයෙන් පීඩාවට පත්ව ඇති ළමුන්ට පිහිටවීම සඳහා පිහිටුවා ඇති ‘ශ්‍රීලංකා ක්‍රිකට් ඒඩ්’ අරමුදලට බැර කෙරෙනු ඇත.
Categories: ඕපාදුප Tags:

“‌ශ්‍රී ලංකාවේ ප්‍රදීප් කුවේට් හිදි අසරණ වෙයි – තවත් ශ්‍රී ලාංකිකයෙක් වන මොහොමඩ් සෆ්‍රාන් ඔහුගේ දිවි බේරලා” – රෝගාතුර ප්‍රදීප් හදුනා ගන්න ඔබගේ උදව් අවශ්‍යයි ,!

August 12th, 2017 Comments off
කුවේට් හි සේවයට ගොස් සිට අතරමන් වී සිටින ශ්‍රී ලාංකිකයෙක් පිළිබදව වාර්තා වෙනවා. කුවේට් හි සේවය කරනා තවත් ශ්‍රී ලාංකිකයෙකු වන මොහොමඩ් සෆ්‍රාන්ට මෙම තරුණ‍යා මහමග වැටි සිටියදි හමුව ඇති අතර ඒ වන විට ඔහු දැඩි ලෙස රෝගාතුරව සිට තිබෙනවා. ඉන්පසුව ඔහු සිය වාහනයට නංවා ගන්නා මොහොමඩ් සෆ්‍රාන් ඔහුව රෝහලක් වෙත භාර කර තිබෙනවා.

මෙම තරුණයාගේ විදේශ ගමන් බලපත්‍රයට අනුව ඔහුගේ නම ප්‍රදීප් නුවන් බවත් ඔහු අනුරාධපුර ප්‍රදේශයේ බවත් සදහන්. දැනට කුවේට් හි රෝහලක ප්‍රතිකාර ලබන  ප්‍රදීප් නුවන් හදුනා ගැනීමට ඔබගේ සහය අවශ්‍ය බව ඔහු රෝහලට ඇතුලත් කල මොහොමඩ් සෆ්‍රාන් පවසනවා. ඒ අනුව ඔහු හදුනන කෙනෙකු ඇත්නම් මොහොමඩ් සෆ්‍රාන් ඇමතීමෙන් ඔහුගේ විස්තර දැනගත හැකියි.

තරුණයාගේ විඩීයෝ හා ඡයාරූප පහතින්...


 
Categories: ඕපාදුප Tags:

කළකිරුණු සුසිල්ට නෙවිල්ගෙන් උත්තරයක්.. සයිටම් සභාපති එජාපයෙන් මහ මැතිවරණයට?

August 12th, 2017 Comments off
තමා නැවතත් දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රධාන පෙළේ දේශපාලන පක්‍ෂයකින් තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා  ඊයේ (11 දා) කියා සිටියේය.

තමන් ජනතාවට කරන සේවය අනුව දේශපාලනයට පිවිසීමට අයිතියක්‌ තිබෙන බව කී නෙවිල් ප්‍රනාන්දු මහතා රුපියල් කෝටි ගණනක්‌ වියදම් කර ඉදි කරනු ලැබූ රෝහල රජයට පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූයේ මහජනයාට සේවයක්‌ කිරීම සඳහා යෑයිද පැවසීය. තමාගේ රෝහල රජයට පරිත්‍යාග කළ මොහොතේ රජයෙන් කිසිදු මුදලක්‌ ලබා නොගත් බවද නෙවිල් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

තම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටි මාලබේ ප්‍රදේශයේ ශ්‍රී ල. නි. ප. ආසන සංවිධායක වන සුසිල් ප්‍රේම ජයන්ත ඇමැතිවරයා ඔහුගේ ආසනයේ දියුණුව වෙනුවෙන් කරපු දෙයක්‌ නැතැයිද හෙතෙම කීවේය. දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා මෙසේද කියා සිටියේය. මා දේශපාලනයට එන පක්‍ෂය කුමක්‌ දැයි කියා තාම තීරණය කර නැහැ. අධ්‍යාපන ක්‍ෂේත්‍රයට වැඩියෙන් සේවය කරන පක්‍ෂය ගැන සලකා බලා ඒ ගැන පියවරක්‌ ගන්නවා. මා දේශපාලනයට පැමිණියහොත් ඔය සුසිල් ප්‍රේම ජයන්තලාගේ කෑගැහීම නතර වෙන්න පුළුවන්. 


එයාලාගේ ශබ්දය විතරයි වැඩ නෑ. සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා කියනවා ආණ්‌ඩුව තුළ කලකිරීමෙන් ඉන්නවා කියලා. එහෙම කිය කිය ඉන්නෙ නැතිව එයාට ආණ්‌ඩුවෙන් අයින් වෙන්න පුළුවන්නෙ.

දවාන් – රාහුල් ගොඩනැගූ ඉන්දියානු ඉනිම ලංකාවේ දගයන් ඉදිරියේ බිද වැටෙයි

August 12th, 2017 Comments off
සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම පළමු දිනය අවසානයේ කඩුලු 06කට ලකුණු 329ක් රැස් කළා

දිවා ආහාරය තෙක් ඉන්දීය කණ්ඩායම එකදු කඩුල්ලක් හෝ බිඳ වැටීමකින් තොරව පන්දුවට පහරදු නමුත් දිවා ආහාරයෙන් පසුව ක්‍රියාත්මක වූ මලින්ද පූශ්පකුමාර ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දවා ගැනිමට සමත්වුනා. ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙසින් ලෝකේෂ් රාහුල් (85) මුලු ලකුණු සංඛ්‍යාව 188 දී දැවී ගියේය. පසුව ශිකර් දවන් (117)  ලකුණු 219දී දැවී ගියේය. එම කඩුලු ද්විත්වයේම හිමිකරුවා වූයෙ මලින්දයි. 


තුන්වැනි කඩුල්ල ලෙස පුජාරා (8) මුළු ලකුණු සංඛ්‍යාව 229දී දැවී ගියේය. ඒ ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේය. ඉන් අනතුරුව ලකුණු 42 ලබා සිටි නායක විරාත් කෝලි ලක්ෂාන් සදකැන්ගේ පන්දුවකට දිමුත් අතර උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගිය අතර මලින්ද එවු පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් ලකුනු 17ක් ලබා සිටි අජින්ක්‍යා රහානේ දැවී ගියා.

තරගයේ ලකුණු පුවරුව පහතින්...