Archive

Archive for July 17th, 2017

මීතොටමුල්ල කුණු කන්දෙන් කෝටි ගණනක් මුදල් පිල්ලි ගහලා

July 17th, 2017 Comments off
මීතොටමුල්ල කුණු කන්ද සමතලා කිරීමට යැයි පවසමින් කොළඹ නගර සභා ප්‍රධානීන් පිරිසක් රුපියල් කෝටි ගණනක මුදලක් පිල්ලි ගසා ඇතැයි හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා චෝදනා කරයි. මේ පිළිබඳ සියළු තොරතුරු වාර්තා තමන් සතුව පවතින බව කියන කහඳගම මහතා මේ ලිපිගොනු සියල්ල ලබන සතියේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවටත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශයට හා අනෙකුත් විමර්ශන අංශවලටත් බාරදෙන බව ප්‍රකාශ කර ඇත.

කුණු කන්ද සමතලා කිරීමට යැයි පවසමින් නගර සභා ප්‍රධානීන් පිරිසක් රුපියල් කෝටි 2ක තුන වරින් වර ලබා ගෙන ඒ මුදල් පිල්ලි ගසා ඇතැයි ද කහඳගම මහතා පවසයි. මේ තත්වය යටතේ මීතොටමුල්ල ඛේදවාචකයට මේ නිලධාරීන් ඍජුවම වගකිවයුතු හෙයින් ඔවුන්ට මිනීමැරීමේ චෝදනාව යටතේ දඬුවම් කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මේ අතර මීතොටමුල්ලේ කුණු කන්දේ දුර්ගන්ධය පාලනය කිරීම සඳහා නුගේගොඩ වීදුරු විකිණීමේ ආයතනයකින් රසායන ද්‍රව්‍ය මිල දී ගත් බවට තොරතුරු සඳහන් කර ගෙවීම් කර ඇතත් එවැනි ආයතනයක් නොමැති බවට පසුව තොරතුරු අනාවරණය විනැයි ද මහින්ද කහඳගම මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සිව් දෙනෙකු අනුමත කරන බවට අදාළ ලියකියවිලිවල සටහන් යොදා ඇතත් එවැනි කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවුණු බවට ඒ මහාචාර්යවරුන් සිව් දෙනාම ලිඛිතව දැනුම් දී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. මේ පිලිබඳ විමසිමකදී කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.අනුර මහතා පවසා ඇත්තේ මේ චෝදනාව අසත්‍ය බවයි. මීතොටමුල්ල කුණු කන්ද පහත් කිරීමට 2012 – 2013 අතර කාලයේදී යුධ හමුදාව යෙදවූ යන්ත්‍ර වෙනුවට නගර සභාව ඉන්ධන වියදම් පමණක් ගෙවූ බවත් ඊට පසුව 2014 දී ඒ යන්ත්‍ර ඉවත් කර ගැනීම නිසා නගර සභාවට කුලී ගාස්තු ගෙවීමට සිදු වූ බවත් කී අනුර මහතා ඒ වියදම් ද ඉතා අඩු මට්ටමින් පවත්වාගෙන ගිය බව සඳහන් කළේය.

ඒ සියළු තොරතුරු වාර්තා සංඛ්‍යා ලේඛන තමන් සතුව පවතින බවත් හොර ගුහාවක්ව තිබුණ නගර සභාව තමා ක්‍රමානුකූලව නිවැරදි දිශාවකට රැගෙන යමින් තිබෙන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
Categories: අනාවරණ Tags:

පුංචි ඡන්දය එජාප-ශ‍්‍රීලනිප එක්ව හංස සන්ධානයෙන්..- රනිල් කියයි..

July 17th, 2017 Comments off
ඉදිරි පලාත් පාලන මැතිවරණය ශ‍්‍රීලනිපය හා එජාපය එක්ව හංසයා ලකුණින් තරග වැදීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම හමුවේදී යෝජනා කර ඇත.

එහෙත් ඊට දැඩි විරෝධය පල කර ඇති එජාප මන්ත‍්‍රීන් යලි කිසිම අවස්ථාවක ශ‍්‍රීලනිපය සමග හවුලේ මැතිවණයකට තරග කිරීමට හෝ ආණ්ඩු කිරීමට අකමැත්ත පල කර ඇත. බිම් මට්ටමේ පාක්‍ෂිකයින් පවා අද වන විට ජාතික ආණ්ඩුව ගැන දැඩි කලකිරීමෙන් පසුවන්නේ යයිද ඔවුන් පෙන්වා දී ඇති අතර හංස සන්ධානයේ කතාව එතනින් එහාට සාකච්චා වී නැත.

නිරෝෂන් පොරොන්දුව රකියි.. මිනිසුන්ට අමතකව ගිය මනුස්සකම මතක් කර දෙයි (PHOTOS)

July 17th, 2017 Comments off
පසුගියදා ගංවතුර නිසා තමන්ගේ නිවස ඇතුලු සියලු දේ අහිමි වු මුලටියන දිද්දෙණිපොත ප‍්‍රදේශයේ  පවුලකට පොරොන්දු වූ පරිදිම අලුතින් නිවසක් සකස්කර එම නිවස භාරදීමේ කටයුතු මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා අතින් අද(17) සිදු කෙරුණා.

එම අවස්ථාවට ප‍්‍රදේශ වාසීන් රැසක් සහභාගී වී සිටි අතර ඒ අවස්ථාව පිළිබදව මන්ත‍්‍රීවරයා තම ෆේසුබුක් ගිණුමේ සටහන් කර තිබු අයුරු..

Categories: ඕපාදුප Tags:

එකට සෙල්ලම් කරමින් හිටපු අපූරූ මිතුදමක් ලොවක් හඬවමින් එකටම අවසන් ගමන් ගිහින් (PHOTOS)

July 17th, 2017 Comments off
තමන්ගේ සුරතලෙක් නැතිවුනාම සතුන්ට ආදරය කරන පුද්ගලයෙකුට දරා ගන්න ටිකක් අමාරුයි. නමුත් එකටම හිටපු දෙදෙනෙක් එකවරම විදුලි සැර වැදිලා මියයාම ගැන ඒ සතුන් අයිතිකෙනාට මොනතරම් දුකක් දැනෙනේන ඇතිද? මේ සංවේදී කතාවත් අන්න ඒ වගේ එකක්. පුංචි රිලා පැටවෙකුයි තාරාවෙකුයි ඉපදුන දවසේ ඉඳලා හොඳම යහළුවන් දෙදෙනෙක්. මොවුන් දෙදෙනා ගමන් යන්නෙත් එකට. තාරාවගේ පිටේ නැගලා රිලා පැටියා ගමන් යන්නත් පුරුදු වෙලා තිබුනා.

නමුත් කවුරුත් නොසිතපු විදිහට මේ අපූරූ යහළුවන් දෙදෙනා එකම තැනම අවසන් ගමන් යන්න වෙලා. දවසක් පුංචි රිලා පැටිය සෙල්ලම් කරනකොට බිම වැටිලා තිබුන අනාරක්ෂිත විදුලි රැහැනක පැටලිලා විදුලි සැර වැදිලා තියෙනවා. පසුව කෑ ගහමින් ඉන්නකොට තාරාව එයාව බේරගන්න ඇවිල්ලා. නමුත් දෙදෙනාටම විදුලි සැර වැදිලා එතනම මියගිහින්. මේ සංවේදී ඡයාරූප පෙළ මේ වන විට අන්තර්ජාලයේ සීග්‍රයෙන් පැතිරිලා තියෙනවා. 

හුඟ දෙනෙක් මේ අපූැරූ යහළුවන් දෙදෙනාට සිදුවූ දේ ගැන සංවේදී වෙලත් තියෙනවා. සමහරු කියන්නේ එය සංසාරගත බැදීමක් කියලයි. දෙදෙනාම හොඳ යහලුවන් සේ එකට මෙලොවට බිහිවී…හොදම යහලුවන් සේ එකටම මෙලොවින් සමුගෙන තිබුනේ සැවොම හඬවමින්. මේ සංවේදී ඡායාරූපවළ බිම වැටීගෙන හඬන්නේ මේ සුරතලුන් දෙන්නාගෙ අයිතිකාරයයි…


-hiru gossip
Categories: ඕපාදුප Tags:

‘වත්මන් නායකයින් පිස්සු නටනවා.. හුස්මටත් බද්දක් ආ හැකියි’ – ගැටඹෙි හිමි

July 17th, 2017 Comments off
හැකියාවක් සැලැස්මක් හා රටක් කරන්නට තරම් අවබෝධයක් නොමැති කමින් වත්මන් රජයේ නායකයන් පිස්සු නටන බවත් මේ නිසා මැති ඇමැතිවරුන් දැන් අන්ද මන්ද වී ඇති බව ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා  සිරිවිමල හිමියන් බැහැදැකීමට  අද (17දා) එම විහාරස්ථානයට ගිය අවස්ථාවේ උන්වහන්සේ එසේ පවසා සිටියහ. වැඩි කාලයක් නොගොස් හුස්ම ගැනීමට පවා බද්දක් පැනවීමටද ඉඩ ඇති බවත් රටට හරි නායකත්වයක් නොමැති බවද සිරිවිමල හිමියෝ මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියහ.

නාහිමියන් හමුවීමෙන් අනතුරුවව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මන්ත්‍රීවරයා...

මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ව සිටින කාලයේ දේශීය ආදයම් පනතෙන් පංසල්, පල්ලි, කෝවිල් වැනි පුණ්‍ය ආයතන වලටත් කෘෂිකර්මාන්තයේ ගොවීන්ටත්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට, අපනයනකරුවන්ට සහනාධාර ලබන අයට හා අර්ථ සාධක ලබන අයට ලබාදී තිබූ බදු සහන සියල්ල මේ රජය  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යන නව දේශීය ආදායම් පනතින් නැති කරන්න යනවා.


මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙනා පනතෙන් මේ රටේ ආගම, කලාව, සංසකෘතිය, ආර්ථිකයේ විවිධ ස්ථානවලට ලබාදී තිබූ විශේෂ සහන ඒ සියල්ල ඉවත් කර තමා මේ පනත ගේන්න හදන්නෙ. අපි සියලු මහනායක හාමුදුරුවන්ට මේ බව දැන්වීමෙන් අනතුරුව කතිකාවතක් ඇති කරගන්න ‍ඕන අලුතින් දේවල් නෙමේ  පසුගිය පනතෙන් ආගම, කලාව, සංස්කෘතිය, ආර්ථිකයට ලබාදී තිබූ සහන සියල්ල තියල මේ පනත සම්මත කර ගත යුතු බවට යැයි මන්ත්‍රීවරයා පවසා සිටියේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, ,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය ආර්.ඩබ්ලිවු. රණසිංහ, එස්.බී. රත්නායක මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

තිසර පෙරේරා එංගලන්තයේ දස්කම් දක්වයි

July 17th, 2017 Comments off
ශ‍්‍රි ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා  NatWest t20 Blast තරගාවලියේ Gloucestershire කණ්ඩායම වෙනුවෙන් Sussex කණ්ඩායමට එරෙහිව ඊයේ(16) ක‍්‍රීඩා කළා.

මෙය Gloucestershire කණ්ඩායම වෙනුවෙන් තිසර කී‍්‍රඩා කරන පළමු තරගය වීමද විශේෂත්වයක්. තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමෙන් තොරව නිම වූ අතර පන්දුවාර 2.1 යවමින් ලකුනු 18කට එක් කඩුල්ලක් බිද හෙලිමට තිසර සමත් වූණා. එහිදී තිසර පෙරේරා උඩපන්දුවක් රැකගනිමින්  හා දුවද්දී දැවීයාමකටද දායක වෙමින් දස්කම් දැක්වුවා.

සංගීතා එක්ක, සමිතා එක්ක මගේ ආදර සම්බන්ධතා තිබුණා, දිල්හානිටත් මම ගොඩක් ආදරේ කළා – Photos

July 17th, 2017 Comments off

කවුරු අතරත් ආදරය දිනාගත්තු සිනමාවේ සිහින කුමරා ලෙසින් ආකර්ෂණය දිනාගත් චරිතයක් තමයි කමල් අද්දරආරච්චි. කුඩා කාලයේ සිටම අනංගයෙක් බවට පත්වූ මේ සිහින කුමරා ප්‍රේමය, ආදරය නිසාම බොහෝ ගල්, මුල් ප්‍රහාරයන්ට ලක්වූ අවස්ථා බොහෝය. ඒ සියලු බාධක විඳගනිමින් ඔහු ජීවිතයට මුහුණ දුන්නේ ආදරයේ ඇති උත්තරීතර බව පසක් කර දෙමිනි. මේ වනවිට සොඳුරු විවාහ ජීවිතයක් ගතකරන කමල් පුතකුගේ ආදර සෙනෙහස ද ලබමින් සිටී. ඉතිං මේ සිහින කුමරා ආදරයත් තමා ඇතිකර ගත් ප්‍රේම සම්බන්ධතාත් විවාහය ගැනත් සිදුකළ හෙළිදරව්වකි මේ.

ඉස්සෙල්ලම ආදරයක් ඇතිවුණේ කොයි කාලෙද..?
ඒ ආදරේ පුංචි කාලෙම ඇතිවුණු දෙයක්. මොන්ටිසෝරියේ උගන්වපු ටීචර්ට මම හරිම ආදරෙයි. එයාට කිට්ටු වෙලා දැවටී දැවටී ඉන්න මම ලොකු ආසාවකින් හිටියේ. පාසල් ගියාට පස්සේ ඒක වෙනස් වුණා. ඉස්සෙල්ලම පාසල් කාලයේදි තමයි මම ගැහැණු ළමයෙක්ට ආදරේ කරන්න පටන් ගත්තේ. ඒ කාලේ මම අනංගයෙක් තමයි. පාසලේදි මම හැම දේකින්ම කැපී පෙනුනා. ඒ නිසාම ගැහැණු ළමයින්ගේ ආකර්ෂණය දිනාගන්න මට පුළුවන් වුණා. ඒ නිසාම ආදර කතා හුඟක් තිබුණා. හැබැයි ඒවා කාලයත් එක්කම නැතිවෙලා ගියා. ලස්සන හිතට දැනුනු කෙනෙක් දැක්කම යාළුවෙන්න තමයි හැදුවේ. ගොඩක් ප්‍රේම සම්බන්ධතා තිබ්බා වගේම කෙල්ලෝ බූට් තිබ්බ තැනුත් නැතුවම නෙවේ.. මමත් එහෙමම කළා.


හරි.. ඒ ආදර කතා ඇතුලේ විශේෂ කෙනෙක් නැද්ද.?
හිටියා.. මම ඒ අතරින් කෙනෙක් ගැන හිතේ ලොකු ආදරයක් තිබ්බා. එයාට අපේ රටේ ඉන්න කැමැත්තක් තිබ්බේ නෑ. එයා ආසා කළේ වෙන රටකට යන්න. එතනදි එයා වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇතිකරගත්තා. ඒ නිසා ඒ ආදරෙත් නැතිවුුණා.


රංගන ශිල්පියෙක් වුණාට පස්සේ නිළියන් ඔයාගේ ආදරය ඉල්ලගෙන එන්න ඇති නේද? ඔයාත් නිළියන්ට ආදරය කළා ද?
රංගන ශිල්පියෙක් වුණාම චරිතත් එක්ක අපේ ආකර්ෂණය ඇතිවෙනවා. “ඉර පායා” ටෙලි නාට්‍යය කරද්දී සමිතා එරන්දතී එක්ක හොඳ හැඟීමක් ඇතිවුණා. මාත් ඇයට සමීප වුණා. එයාටත් එවැනි හැඟීමක් ඇති වෙන්න ඇති. මොනවා වුණත් අපි සීමාවක් තියාගෙන ප්‍රේම කළේ. ඒක හරියට දුර ඉඳන් කරන ආදරයක් වගේ. සංගීතා වීරරත්නටත් ඒ ආකර්ෂණය මා තුළ තිබුණා. අපි දෙදෙනාටම ඒ ප්‍රේමණීය ආකර්ෂණය තිබුණා. නමුත් අපි ඒවා දුරදිග ගෙනගියේ නැහැ. හැඟීම්, දැනීම් තිබුණු පලියට අපි ලිංගික ආසාවන් ඉෂ්ට කරගන්න ගියේ නෑ. අපි බුද්ධිමත්ව කටයුතු කළා. කිසිකෙනෙක්ට චෝදලා එල්ල කරන්න බැහැ අපි රූගත කරන අවස්ථාවලදී, පසුතලවලදී අනවශ්‍ය විදිහට හැසිරුණා කියලා. හදවතින් තමයි අපි ආදරේ කළේ. අදටත් අපේ බැඳීම තිබෙනවා. ඒ බැඳීම නිසා තමයි අපි අතර හොඳ සුහදතාවක් අදටත් තිබෙන්නේ. ඒක බොහොම සුන්දර මානුෂීය දෙයක්. ශාරීරික වින්දනයක් නොවෙයි. ඒ වගේ දෙයක් ලබන්නවත් නොවෙයි.


එතකොට ඔබ දිල්හානිට ආදරේ කළ කතාව..?
හම්… ඔව්.. ඒ කාලේ දිල්හානි ගැන මගේ හිතේ ලොකු කැමැත්තක් තිබුණා. ඇය සමඟ යාලුවෙන්නත් හිතුනා. ඒක පුදුම බැදීමක්. හැබැයි ඒ හැඟීම් හැංගි හොරා අපි කළේ නෑ. ප්‍රියංකරත් මගේ හොඳ යාළුවෙක්. අපි බුද්ධිමත්ව තමයි ඒ සබඳතාවය ගෙන ගියේ. මේ වෙද්දිත් ඒ ලෙංගතුකම් අපේ හිතේ තිියෙනවා. අපි විවෘතව ඇසුරු කළේ. හිත අයාලේ යන්න දුන්නේ නෑ. ඒක නළුවෙක්ට තිබිය යුතු වැදගත් ලක්ෂණයක්.


කමල්ට හැමෝගෙම ආකර්ෂණය තිබුණු නිසා යාළුවන් යෝජනා අරන් ආවා නේද කෙල්ලෝ සෙට් කරලා දෙන්න කියලා..?
හම්.. ඔව්… ඒ නිසා මගේ යාළුවෝ මට කියනවා “අර කෙල්ල මට සෙට් කරලා දීපං” කියලා.


රමණි බර්තෝලමියුස් චරිතය ඔබේ ජීවිතයේ වැදගත්ම කෙනෙක්.. කොහොමද රමණිට ආදරයක් ඇති වුණේ?
රමණි එක්ක ඇතිවූ ආදරය විශේෂයි. ඒ කාලයේ රඟපාන්න සෙට් එකට රමණි එන්න ඉස්සෙල්ලා, එතන ටීවී එකේ අය මම මොනවද කරන්නේ කියලා බලාගෙන හිටියා. මට රමණි දැක්කම ඇතිවුණේ ලොකු තිගැස්මක්. මම එයාට කැමතිවුණේ ඇයගේ අහිංසක, නිවුණු පෙනුමට. රාගික පෙනුමක් තිබෙන අයට වඩා මගේ හිත ආකර්ෂණය වුණේ අහිංසක, නිවුණු පෙනුමක් ඇති අයටයි. හැමවෙලේම අඟපසඟ පෙන්වන අයට වඩා මගේ ආකර්ෂණය තිබුණේ එවැනි අයටයි. රාගික අය මගෙන් බලාපොරොත්තු වුණේ ශාරීරික වින්දනයක් පමණයි. ඒ තුල මට ඕන ආදරේ තිබුණේ නෑ. රමණි ගැන මට ආදරයක් ඇතිවුණා. මම රූගත කරන කාලේදී තමයි ඇයට ආදරය ප්‍රකාශ කළේ. ඒක ආත්මීය බැඳීමක් කියලයි මට සිතුණේ.

ඒත් රමණිගේ මරණයෙන් පස්සේ ඔබ චෝදනාවට ලක්වුණා නේද..? ඒ වෙන්වීම දැනුනේ කොහොමද..?
මම එයාට අසීමිත ආදරයක් කළා. ඒ නිසා ඒ වෙන්වීම ගොඩක් තදින් දැනුනා. එයා ගත්ත ඉතාමත් ක්ෂණික, අනුවණ ක්‍රියාවක් නිසා සියල්ල සිදුවුණා. ඇය මට දැක්වූ අසීමිත ආදරය හරහා සිද්ධ වූ දෙයක් විදිහටයි මා එය දකින්නේ. මට ඒක වළක්වන්න ඒ මොහොතේදී බැරිවුණා. අවසරයක්වත් මට තිබුණේ නෑ. මම දුක්වෙනවා ඒ මොහොත ගැන. හරිම අවාසනාවන්ත මරණයක් ඇයට උදාවුණේ. ඒ මරණයේ චූදිතය බවට පත්වෙන්නත් මට සිද්ධ වුණා. මට හැමෝම වගේ චෝචනා කළා.


එයින් පස්සේ ඔබගේ ආදර හිස්තැන පුරවන්න හරියට කට්ටිය එන්න ඇති නේද?
අනිවාර්යෙන්ම ඔව්.. හැබැයි මට එතනින් පස්සේ ආදරයක් ඇතිවුණේ නැහැ. හැමෝම වගේ බැලුවේ වෙනත් ආස්වාදයක් පමණයි. එහිදී මා අතිනුත් එවැනි දේවල් සිද්ධ වෙන්න ඇති. මොකද අපි පෘථග්ජන අයනේ. දෙන්නගේම කැමැත්ත මතයි ඒ දේවල් සිද්ධ වුණේ. හැබැයි මම පිරිමි ගණිකාවක් නොවෙයි. මම එතනට වැටෙන්නේ නෑ.


දැන් ඔබගේ බිරිඳ අනුරානිට කොහොමද ආදරයක් ඇතිවුණේ? ඇය බිරිඳ කරගන්න ඔබ සිතුවේ ඇයි?
අනුරානිව මට හමුවන්නේ අවුරුදු 12 කට විතර ඉස්සර. අනුරානිව මට දැකපු පළමු දවසේ ඇතිවුණේ රමණිව දැක්කම ඇතිවුණා වගේ හැඟීමක්. ඇයගේ මුහුණ දැක්කාම, එයාව කසාද බඳින්න ඕනෑ කියන අදහස මට ඇතිවුණා. හැබැයි ඒ කාලයේ විවාහ වෙන මානසිකත්වයක නොවෙයි මම හිටියේ. අපි දෙන්නට අපල කාලයක් තිබුණා. හැබැයි අපි දෙන්නා පෙම්වතුන් විදිහට ආශ්‍රය කළා. ඒ අපල කාලය ගෙවනතුරු අනුරානිත් කැමති වුණේ නෑ විවාහ වෙන්න. පස්සේ තමයි අපි දෙන්නා විවාහ වුණේ. අද අපිට පුතෙක් ඉන්නවා. පුදුම සතුටකින් විවාහ දිවිය ගෙනියන්නේ.


කමල් බලාපොරොත්තු වුණු ආදරය අනුරානිගෙන් ලැබුණද..?
ඔව්.. එයා මට ගැලපෙන බිරිඳක්. ඇය ඉතා හොඳ යහපත් බිරිඳක්. බොහෝ දෙනා තුළ නැති ගුණ යහපත්කම ඇය ළඟ තිබෙනවා. ඇය දුප්පත්, ​පොහොසත් භේදයක් නැතිව මනුස්සයන්ට ආදරය කරනවා. සමහර වෙලාවට මගේ අත දිග හැරෙන්නේ නැති වෙලාවට එයා ඒ කටයුතු කරනවා. එහෙම වෙලාවට මට හිතෙනවා, ඇයි මගේ අත දිගුකරන්න බැරිවුණේ කියලා. ඇය ඉතාම ආදර්ශවත් බිරිඳක්.


අද ඔබ ප්‍රේමය, ආදරය දකින්නේ කොයි ආකාරයට ද?
ආදරය කියන එකේ තිබෙන්නේ වචන හරඹයක් තමයි. හැඟීම් එක්ක කතා කරනකොට පුද්ගලයන් දෙන්නෙක් අතරේ ඉතාමත් හොඳ බැඳීමක් තමයි ආදරය, ප්‍රේමය තුළ තිබෙන්නේ. අද එය කාම රාගය එක්ක බැඳුණු දෙයක් බවට පත්කරගෙන ඉන්නේ. ආදරය තුළදී බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න අපට සිද්ධ වෙනවා. අද මම මුහුකුරා ගිය කෙනෙක් විදිහට ආදරය දකින විදිහ වෙනස්. මේ සිතුවිලි එදා මට තිබුණ නම් අනවශ්‍ය දේවල් එක්ක පැටලෙන එකක් නෑ.


Categories: ඕපාදුප Tags:

අල්ලස් ඉල්ලනවද..? එහෙනම් මේ ඇමතුම් අංකයට කියන්න..

July 17th, 2017 Comments off

2018 වර්ෂය සඳහා පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අල්ලස්‌ මුදල් ඉල්ලන විදුහල්පතිවරුන් ගැන 1954 ක්‍ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන්නැයි අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිති.

එම තොරතුරු ලබාදෙන සියලු දෙනාගේ රහස්‍ය භාවය සුරකින බව අල්ලස්‌ කොමිසමේ විමර්ශන අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා ඊයේ (16) පැවැසීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද පැවැසීය.

“දැන් ලබන අවුරුද්දට පාසල්වලට ළමුන් ඇතුළත් කරන්න විදුහල්පතිවරුන් අල්ලස්‌ ගන්න කාලවකවානුව. අගෝස්‌තු, පාසල්වලට ළමුන් ගන්න සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙනවා. ඒ කාලය තුළ තමන්ගේ දරුවා පාසලට ගන්න විදුහල්පතිවරුන් අල්ලස්‌ ඉල්ලනවානම් බය නැතුව අපිට කියන්න. අපි ඒ අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා. දැන් මේ අවුරුද්දේ අල්ලස්‌ ගන්න විදුහල්පතිවරයෙක්‌ හා නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්‌ අත්අඩංගුවට ගත්තා.”

නිදැල්ලේ සැරිසරන සුනඛයන් මරා දැමුවේ කවුද..? (වීඩියෝ)

July 17th, 2017 Comments off
කිසිවෙකු හෝ විසින් ම‍රා දැමුවේ යැයි සැලකෙන සුනඛයන්ගේ ඡායාරූප කිහිපයක් නිසා ෆේස්බුක් සමාජජාලා මාධ්‍යවල පිරිස් කැළඹීමට පත්ව තිබේ.

මොරටුව විශ්ව විද්‍යාලයට පැමිණි පිරිසක් එහි සිටි සුනඛයන් 23 දෙනෙකු අල්ලා ගෙන ගොස් ඉන්පසුව එම සුනඛයන් මරා දමා තිබෙන අයුරු ලෙස හැගවෙන ඡායාරූප කිහිපයක් සමාජජාලා මාධ්‍ය වල හුවමාරු වෙමින් පවතින නමුත් තවමත් මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය කිසිවෙකු හෝ විසින් තහවුරු කර නොමැත. නමුත් මෙම පුවත නිසා සත්ව අවිහිංසාවාදීන් සහ සමාජජාලා ක්‍රීයාකාරින් අතිශය කැළඹීමට පත්ව තිබේ.


ඔවුන් විසින් මේ පිළිබදව තැබු සටහන් සහ වීඩියෝ පහතින්..





Categories: අනාවරණ Tags:

ජනපති තහනම් කළ ග්ලයිෆොසෙට්‌ යළි ඉල්ලා විශේෂ සංද‍ේශයක් කැබිනට්‌ හමුවට

July 17th, 2017 Comments off
ජනපති තහනම් කළ ග්ලයිෆොසෙට්‌ යළි ඉල්ලා විශේෂ සංද‍ේශයක් කැබිනට්‌ හමුවට

මේ වන විට රට පුරා තහනමට ලක්‌ව ඇති ග්ලයිෆොසෙට්‌ වල් නාශකය, සීමිත තත්ත්ව යටතේ යළි භාවිතා කිරීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කර අති විශේෂ සංදේශය අද (18) ඇමැති මණ්‌ඩලය හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙම සංදේශය ඉකුත් 07 වැනිදා අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ජනතාව අතර වකුගඩු ආබාධ හා පිළිකා වැනි බෝ නොවන රෝග ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හා දැඩි පරිසර හානියට ග්ලයිෆොසෙට්‌ වල්නාශක භාවිතය හේතු වන බවට ඇති වූ දැඩි විරෝධය හමුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 2015 වසරේදී මෙම වල්නාශකය ආනයනය කිරීම, විකිණීම හා භාවිතය තහනම් කරන ලදී.

යළි ග්ලයිෆොසෙට්‌ ආනයනය කිරීමට අදාළ කැබිනට්‌ සංදේශය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිත්වය දරන ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්‌ඩල කමිටුවට හෝ ඉදිරිපත් නොකර සෘජුවම ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇතැයි ද මෙම තත්ත්වය දැඩි ගැටලුසහගත බවද පූජ්‍ය අතුරලියේ රතන් හිමියෝ සඳහන් කළහ.

ග්ලයිෆොසෙට්‌ තහනමෙන් පසු ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට මීට පෙර පත් කළ රජයේ වල්නාශක හා පලිබෝධ නාශක පිළිබඳ ප්‍රතිපත්තිය යළි සමාලෝචනය කිරීමේ කමිටුව මනා වෘත්තීමය ස්‌වභාවයකින් කටයුතු කර නැති බවද කමිටුව එහි සාමාජිකයන්ට අදහස්‌ දැක්‌වීමට ද සාධාරණ ඉඩක්‌ ලබාදී නැති බවද රතන හිමියෝ පැවසූහ.

Categories: ප්‍රවෘත්ති Tags: